Chapter 03🌾

1.2K 354 198
                                    


Seesaw🌾
Chapter 03

බඩගින්න පැත්තක දාලා මං හිමින් සැරේ පියානෝ කාමරේ පැත්තට ගියේ ඒ ඇහුන සද්දෙට කන් දීගනමයි.. ටික ටික ලංවෙද්දි මට තේරුනා කවුරුහරි කෙනෙක් පියානෝ එක ප්ලේ කරනවා කියලා.. කවුරු ප්ලේ කරන්නද ඉතින්  මිස්ටර් සරිගම මිසක්..

මං හිමීට අඩි තිය තිය කාමරේ ලගට ගියා.. ඇත්තටම ඒ වාදනය හුගක් ලස්සනයි.. අමුතුම හැගීමක් මට දැනුනා.. මං වශී වෙනවා වගේ.. මටත් නොදැනිම මං කාමරේ දොර ලගටම ගිහින් දොරට කන තියාගන ඒ ලස්සන සංගීතේ අහන්න ගත්තා..

ඇත්තටම ලස්සන විතරක් නෙවේ මිස්ටර් සරිගම  හුගක් දක්ශයි වගේ.. ඒ වාදනය අමුතු දුකක් තියනවා කියලා මියුසික් ගැන මෙලෝ හසරක් නොදන්නවා උනත් මට තේරුනා.. මං වශී වෙලා වගේ දිගටම දොරට පිට තියාගන ඒ ඇහෙන ලස්සන දේ අහගන හිටියා.. මට මගේ බඩගින්නත් අමතක වෙලා යන තරමට ඒක ලස්සනයි..

මට සන්සුන් විදියට ඒ වාදනය අහගන ඉන්න පුලුවන් උනෙ ටික වෙලාවයි..එකපාරටම පියානෝ එක උඩට පූසෙක් පැන්නා වගේ සලාං ගාලා සද්දයක් ආවා.. මං ගැස්සුන පාර දුවාගන්නවත් සිහියක් නැතිවුනා. තප්පරයක් වත් ගියේ නෑ දොර ඇරුනෙ මට කරකියාගන්න දෙයක් නැතිවෙද්දි.. මං දොරට හේත්තු වෙලා හිටපු නිසා මාව එකපාරටම පිටිපස්සට වැටුනා.. උන දේ හිතාගන්න බැරුව මං කෑගහගනම  තමා වැටුනේ..

මං වැටෙනවත් එක්කම සරිගමයා මගේ කට තදකරලා වහගන මාව ඇතුලට ඇදලා අරගන කකුලෙන් පයින් ගහලා දොර වැහුවා.. ඊටපස්සෙ මාව අතෑරලා ඉස්සරහට තල්ලු කලා.. කරකියාගන්න දෙයක් නැතුව මං හිටියෙ සෑහෙන්න අවුල් වෙලා..දිව්වොත් නෝන්ඩි නිසා මං බිම බලාගනම සරිගම දිහාට හැරුනා.. හැබැයි ඒ බකුසු මූන බලන්න නම් මට ශක්තියක් තිබ්බෙ නෑ.. මොකද මට ඒ මූනෙ තියන බැල්ම බලන්නැතුවම උනත් කියන්න පුලුවන්..

"තමුන් ඔත්තු බලනවද?"

එකපාරටම ඇහුන ගැබුරු සැර කටහඩ නිසා මං ගැස්සුනා.. නොහිතාම වගේ මට ඒ මූන දිහා බැලුනේ ඒ අහපු විදිය ඒ තරම් සැර නිසා.. මූන ඊටහපන්.. සුදු යකා වගේ මං දිහා බලාගන ඉන්නවා.. ඒ බැල්මට මට තඩි කෙල ගුලියකුත් ගිලුනා(🤢)

SEESAW✔️Where stories live. Discover now