Chapter 02🌾

1.2K 321 107
                                    


Seesaw🌼

"ඔයා!!!"

"හාආආයි ඩාලියා."

(Park Jimin)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Park Jimin)

මං කටත් ඇරගන බලාගන ඉද්දි ජිමින් මගේ නලලට තට්ටුවක් දාගනම ගේ ඇතුලට ආවා.

"යා.. යා.. ඔහොම ඉන්නවා.. ඔප්පා ගෙදර නෑ.."

කඩාගන බිදගන ඇතුලට යන ජිමින් ගෙ පස්සෙන් මාත් දුවගන ගියා..

"හ්‍යුන් එනවා කිව්වා තව විනාඩි දහයකින්"

"ඉතින් එහෙනම් ඇයි දැන් ආවේ.. තව විනාඩි දහයකින්ම එන්නෙපෑ.. ලැජ්ජ නැද්ද ගෑනුලමයක් තනියම ඉන්න ගේකට ඔහොම එන්න?"

"තනියම? ගෑනු ලමයට තනි නෑනේ ඔයාත් ඉන්නවනේ".."

ජිමින් කිව්ව කතාව මට එකපාරටම නොතේරුන නිසා මං එහෙම්මම හිටගන කල්පනා කලා..

"යා....... මෝඩ ජිමින්!"

ජිමින් කියන්නෙ මගේ මෝඩ ඔප්පාගේ යාලුවෙක්..ජිමින් මගේ වයස උනාට එයා හුගක්ම ලග ඔප්පට.. ඔප්පට ඉන්නෙත් එයාවගේම කරදරකාර යාලුවෝ තමා..

ජිමින් මං කෑගහන එක ගනන් නොගෙන එයාගෙ ගේ වගේ කෙලින්ම ගියෙ කුස්සියට..

"ජිමින්.. මගෙ ෆ්‍රෙශ් මිල්ක් එකට නම් අත තියන්න එපා.. ගිය සතියෙ ඇවිත් මගේ ආමන්ඩ් මිල්ක් එක ඉවරකරලා ගියා.. තාම මට ඒකක් ගන්න බැරිවුනා ග්‍රොසරි ශොප් වල බඩු නෑ!"

මං කොච්චර කෑගැහුවත් ජිමින් නෙවේ ගානකට ගත්තේ.. එයා හම්බරකලා ගෙනත් දාපුවා වගේ ෆ්‍රිජ් එකේ තිබ්බ ෆ්‍රෙශ් මිල්ක් එක අරගත්තා..

"අනේ ජිමින් ඕක මගේ!!"

බැරිම තැන මං නහයෙන් අඩන්න ගත්තෙ දුක හිතිලවත් ජිමින් මගේ කිරි එක ආපහු තියයි කියල.. කිරි එක ආයෙ ෆ්‍රිජ් එකට දානවා වෙනුවට ජිමින් ඒක හතර අතේ හරෝ හරෝ බලන්න ගත්ත එක..

SEESAW✔️Where stories live. Discover now