පසුවදන🌾

1.4K 338 277
                                    

පසුවදන

"ඩොක්ටර් මගේ ඩාලියා??"

යුන්ගි හීනි ඇස්වල කදුලු පුරෝගන ඩොක්ටර් ගෙ අතෙන් අල්ලගත්තේ ඒ අත් වෙව්ලද්දි.. ඩොක්ටර් හරිම සුහද බැල්මකින් යුන්ගි දිහා බලන ගමන් කොල්ලග්ව් පිටට තට්ටු කලා..

" congratulations Mr. Min.. ඔයාට පුතෙක් හම්බුනා.. රූම් එකට දැම්මට පස්සෙ බලන්න පුලුවන්"

ඩොක්ටර් එහෙම කියල අනිත් අය දිහාත් සුහද  බැල්මකින් බලල එතනින් යද්දි යුන්ගි ඔලුව බදාගන බිම ඉදගත්තේ සතුට වැඩි කමට.. ජන්ග්කුක් ඇවිත් යුන්ගි ව බදාගද්දි ජින් හිනාවෙවී ඒ දිහා බලාගන හිටියා..

යුන්ගි ඩාලියාව බලන්න යන්න හදනකොටම කලබලෙන් හොස්පිටල් එකට දුවගන ආවේ හෝසොක්.. කොල්ලාගේ කොන්ඩේ අවුල් වෙලා ශර්ට් එකේ පැත්තක් යටවෙන්නැතුව එලියට ඇවිත්..

"ක්..කෝ ඩාලි"

"නූනා හොදින් හ්‍යුන්.. යං පොඩි මෑන් ව බලන්න"

ජන්ග්කුක් හුගක් නොයිවසිල්ලෙන් එහෙම කියද්දි හෝසොක් ගේ ඇස් දිලිසුනේ සතුටකින් වගේම ලොකු කලබලේකින්..

"ගජා.. "

යුන්ගි හිනාවෙලා නැගිට්ටේ ඇගේ පතේ හිරි අරින ගමන්.. කොල්ලා ගේ හිතේ මේතරම් කල් තිබ්බ ලොකුම බය නිදහස් උන නිසාද මන්දා යුන්ගිගෙ හැසිරීමේ ලොකු වෙනසක් පෙනුනා.. ඩාලියාව බලන්න රූම් එකට යන්න හදනකොටම ජන්ග්කුක් ට ටේහ්‍යුන් ගෙන් කෝල් එකක් ආව නිසා කොල්ලා විනාඩියටක නතර උනා..

📲

"හ්‍යුන්.. ටිකක් ඉන්න ටේහ්‍යුන් හ්‍යුන් කෝල් කරනවා.. එයාටත් කියමු.."

📲
" යොබුසෙයෝ හ්‍යුන්... ඩාලි නූනා....... ම්වෝ????"

ජන්ග්කුක් කටත් ඇරගනම යුන්ගි දිහා බලනකොට හෝසොක් යුන්ගි දෙන්නම ඇස් වලින් ඇයි කියල ඇහුවේ එකපාරටම උනේ මොකද්ද කියල හිතාගන්න බැරි නිසා..

"මූයෝන් නූනා ටත් පොඩි කිම් හම්බෙලා!!"
__________________________

වසර තුනකට පසු..

"ගුකී ... ගුකී !!!"

ජන්ග්කුක් හිටියේ ලැප් එක අස්සෙ ඔලුව ඔබාගන රාජකාරි වැඩකට අවශ්‍ය තොරතුරු ටිකක් හොයන ගමන්.. ටේමුන් ගේ කටහඩ ඇහුන පාර කොල්ලා නලලට චටාස් කියල අත ගහගත්තේ මෙතනින් එහාට වැඩේ කරන්න බැරි බව තේරුන නිසා.. ජන්ග්කුක් ලැප් එක එහෙම්මම වහල දාලා ඈත ඉදන් තමන් දිහාට දුවගන ආව ටේමුන් ව උස්සලා ඔඩොක්කුවට ගත්තා..

SEESAW✔️Where stories live. Discover now