Chapter 14🌾

1.1K 308 138
                                    


යා...න්..නවත්තන්න!!! වාහනේ නවත්තන්න!!!"

මං එකපාරටම ඩ්‍රයිවර්ට කෑගහල ටැක්සි එක නැවැත්තුවෙ ටැක්සි එකෙන් එලියෙ දැකපු දේ නිසා..

"අ..ඇයි මිස්.. මොකක් හරි ප්‍රශ්නයක්ද??"

ඩ්‍රයිවර් එහෙම ඇහුවත් මට ඒකට උත්තර දෙන්න සිහියක් තිබ්බෙ නෑ..

"ඔප්පා!"

කාර් එක නවත්තල තිබ්බ තැනට වඩා ටිකක් ඈතින් හිටියත් මට මගේ ඔප්පාව අදුනගන්න අමාරු උනේ නෑ.. එයා හිටියේ සෙමෙට්‍රි එකෙ.. කාගෙදෝ මන්දා සොහොනක් ලග වාඩිවෙලා.. එයා එතනට වෙලා පොතක් කියවනව.. හරියට පික්නික් එකක් ඇවිත් වගේ.. මං ටික වෙලාවක් බලාගන හිටියත් ඔප්පා එතනින් නැගිටින පාටක් තිබ්බේ නෑ..

"මිස්.... තව කොච්චර වෙලා මෙහෙම ඉන්නවද?"

"අහ්ම්...අ..අපි යන්"

ඩ්‍රයිවර් ගෙ කටහඩ නිසා පියවි සිහියට ආවත් මගේ හිත ඇතුලේ ප්‍රශ්න පත්තරයක්ම දිගෑරිලයි තිබ්බෙ.. ඔප්පා හැමදාම ඔෆිස් එකෙන් ඇවිත් සොහොනක් ලග මොනාද කරන්නෙ..

මං මගේ ඔප්පා ගැන මීටවඩා හොයල නොබලපු එක ගැන මට මං ගැනම ලොකු කේන්තියක් ආවා.. ඔප්පා කම්පැනි එකට නොගිහින් මෙතන ඉන්න එක සම්චොන් ගේ යටිකූට්ටු වැඩ වලට හොද රුකුලක් කියන එක කිසි සැකයක් නෑ.. එතන වෙන දේවල් වගේම ඔප්පා ගැනත් හොයන්න ඕන කියල මං මටම කියාගත්තේ ඔප්පා සොහොන ලග හිටපු විදිය දැක්කාම මට කියාගන්න බැරිවුන ලොකු දුකක් දැනුන නිසා..
____________________________

Two days later

"ඔයා කියන්නෙ ඩාලියා ඇතුලෙ සේවකයන්ගෙන් උදව් ගන්න පුලුවන් කියලද?"

මායි හනී දෙන්නම යුන්ගි එක්ක එයාගෙ ගෙදර ආවේ පෙරේදා කම්පැනි එකට ගිය ගමන ගැන විස්තර කතා කරගන්න.. ඊයේ දවසම කැම්පස් එකේයි තව වැඩකුයි කරන්න ගෙවුන නිසා මට යුන්ගි එක්කවත් හරියට කතා කරන්න උනේ නෑ..

"ඔව් ටේහ්‍යුන් ඔප්පා... එතන ඉන්න සේවකයො හුග දෙනෙක් එතන වෙන්නෙ මොනා උනත් ඒ දේට අකමැති කියල මට තේරුනා.. සොන් වූ ශි ගෙ හැසිරීනෙ උනත් සම්චොන් ගැන ලොකු පැහැදීමක් තිබ්බෙ නෑ"

SEESAW✔️Where stories live. Discover now