02🚩 - ( ' 3')

1.6K 294 45
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

අනතුරට ලක් වුණු දෙන්නව Ambulance එකෙන් Hospital එකට අරන් ගියාට පස්සෙ Namjoon නුත් ඔහුගේ වාහනය පැදවූවේ කෙලින්ම Hospital එකට... මොකද එයාලගෙ බබා හිටියෙත් namjin යුවල ළඟ... ඒ වගේම ඔහුට වූමනා වුණා ඒ අනතුරට ලක්වුණු පවුල ගැන මොකක්හරි විස්තරයක් දැන ගන්නත්..

වැස්සට තෙමිල තෙත බරියන් වුණු ඇදුමකුත් එක්ක Hospital එකේ ICU එක ඉස්සරහ හිටගෙන ඇතුලෙන් පණිවිඩයක් එනකන් Namjoon බලාගෙන හිටියෙ තෙත ඇදුම් නිසා ඔහුගෙ ඇගට දැනෙන සීතල ගැනවත් තැකීමක් කරන්නෙ නැතුව... එතකොට jin... ඔහු තමන්ගෙ උකුලෙ ඉදන් එකිනෙකාට තුරුලු වෙලා තද නින්දෙ ඉන්න පුංචි පැටවු දෙන්නත් එක්ක ICU එක ඉස්සරහ waiting chairs වල ඉදගෙන හිටියා .. පොඩි දෙන්නට සීතල නොදැනෙන්න තමන්ගෙ කෝට් එකත් ගලවල ඔවුන්ව ආවරණය කරල තමන්ගෙ උණුහුමට ගුලි කරන් ඔහුත් බලන් හිටියෙ ඇතුලෙන් පණිවිඩයක් එනකන්.

ටික වෙලාවකට පස්සෙ ICU එකේ ඉදන් doctors ලා කීප දෙනෙක් එළියට එනව දැක්ක Namjoon අඩියට දෙකට ඔවුන් ළඟට ගියේ ඇතුලෙ ඉන්න දෙන්නගෙ තත්ත්වෙ දැනගන්න.

🐨 - " Doctor... කොහොම ඒ දෙන්නගෙ තත්ත්වෙ ? "

👴-  " ම්ම්ම්ම්... Mr.Namjoon නේද මේ...? "

🐨- " ඔව් doctor... "

👴 - " අහ්හ්... මට මතකයි ඔයාව...

මේකයි Mr. Namjoon... එයලා දෙන්නව මෙහෙට අරන් එද්දිත් අපි ටිකක් පරක්කු වැඩී ... මොකද එයාලා අපිව දාලා ගිහින් තියෙන්නෙ දැනට පැය බාගෙකට වගේ කලින් .. මට සමාවෙන්න Namjoon... අපිට කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා නෑ තවත්... "

Namjoon ගෙ උරහිසට තට්ටු කරල එහෙම කියපු ඒ doctor පස්සෙ එතනින් යන්න ගියා...

🐹 - " මොකද වෙලා තියෙන්නෙ ජුනී..."

ටිකක් බැරෑරුම් මූණක් එක්ක තමන් වෙත ආපු Namjoon ගෙ අතක් අල්ලගෙන jin එහෙම ඇහුවෙ ටිකක් බයෙන්.

🐨  - " හනී... මේ බබාගෙ parents ලා දෙන්නම ඒ පොඩි එකාව මේ ලෝකෙ තනියම දාලා යන්න ගිහින්..
අපි පරක්කු වැඩී.... "

ඔහුගෙ වචන jin ගෙ හිත තුල ලොකු කම්පනයක් ඇති කලා. තමන්ගෙ උණුහුමේ සැපට ගුලි වෙලා ඉන්න මේ පුංචි කොලු පැටියට ඉස්සරහට මොනවගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද කියන එක ගැන jin හදවතින්ම වද වෙන්න පටන් ගත්තා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now