15 🚩 - ( ' 3')

1.1K 247 40
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

🐥 - " කුකී බබා... මුලින්ම ඔයා ගිහින් wash up වෙන්න. "

අපි room එකට ආපු ගමන් jimin hyung එහෙම කිව්වෙ room එකේ පැත්තක තිබ්බ පුටුවකින් එයා ඉදගන්න ගමන්...

ඒත් කුකී ඒ එක්කම බැලුවෙ මං දිහා...  මොකද වෙනදට අපි දෙන්නම එකටනෙ wash දාන්නෙ....

🐆 - " යන්න, wash up වෙලා එන්න කුකී..."

Jimin hyung නුත් මෙතන ඉන්නැද්දි අපි දෙන්නටම එකට bathroom රිංගන්න බැරි නිසා මම එයාට කිව්වා... අපි දැන් ඉස්සර වගේ පොඩි අයත් නෙවෙයිනෙ...

🐇 - " හ්ම් හරි..."

පස්සෙ එයා එයාගෙ ටවල් එකයි night kit එකකුයි අරන් bathroom එකට රිංගගත්ත...

.
.
.

කුකී wash දාලා එලියට ආවට පස්සෙ jimin hyung කිව්වා මටත් ගිහින් wash up වෙන්න කියලා. ඒ නිසාම ඊළඟට මං ගිහින් wash එකක් දාන් එළියට ආවා..
අන්තිමටම තමා jimin hyung wash දාන්න ගියේ...

Wash දාන් ඇවිත් මම එතන තිබ්බ පොඩි bed එකෙන් ඇලවුණේ ලොකු bed එක කුකීටයි jimin hyung ටයි තියලා... මොකද කුකීට අද hyung එක්ක නිදාගන්න ඕනි කිව්වනෙ...

කුකීත් එයාගෙ phone එක charger එකට ගහල ඇවිත් එහා පැත්තෙ තිබ්බ ලොකු bed එකෙන් පෙරලුනෙ මං දිහා බලාගෙනමයි ...

අපි දෙන්නම ඇදවල් දෙකේ ඇලවෙලා අපි දෙන්නා දිහා බලන් හිටියා,,, Jimin hyung wash එකක් දාගෙන එනකන්ම... ඒත් එයාවත් මමවත් කිසිම දෙයක් කතා කලේ නෑ... නිකන්ම බලාගෙන හිටිය විතරයි...

Jimin hyung එළියට ආවට පස්සෙ මම එයාට Good night කියලා ඉක්මනට අනිත් පැත්ත හැරුණා... මොකද කුකී jimin hyung ව hug කරගෙන නිදාගන්නව බලන් ඉන්න තරම් මට හයියක් තිබ්බෙ නෑ....

ටික වෙලාවකින් Jimin hyung room එකේ Lights ටිකත් off කරලා bed lamp එක විතරක් on එකේ තියලා ඇදට නැග්ගා...

' එයාලා දැන් තුරුල් වෙලා නිදාගන්නව ඇති...'
මට හිතුනා...

මට දුකයි... ඊටත් වඩා ඉරිසියයි.... ඒ වගේම කේන්තියි.....
කුකී මෙහෙම මාව ignore කරල jimin hyung එක්ක ඉද්දි මට දැනෙන්නෙ මගේ පපුවට පිහි පාරවල් අනිනව වගේ.. අනික දැන් මට ටික ටික තේරෙනවා කුකී මගෙන් ඔච්චරටම හංගන ඒ රහස මොකද්ද කියලා... මුලදි මගේ හිතේ ඒ ගැන තිබ්බ පුංචි සැකය දැන් ලොකු විශ්වාසයක් දැනෙන තරමටම ශක්තිමත් වෙලා තියෙන්නෙ කුකීගෙ මේ හැසිරීම නිසාමයි....

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔On viuen les histories. Descobreix ara