50 🚩 - ( ' 3')

1.5K 297 48
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Author P.O.V

Jungkook ව තමන්ගෙ තුරුලෙන් ඈත් කරපු Taehyung ටිකක් කලබලෙන් වගේ ඇදේ මෙහා කොනට බඩගෑවෙ අර බිම වැටුනු මනුස්සයගෙ තත්ත්වෙ දැන් කොහොමද බලන්න...

ඒත් ඇද අයිනෙන් ටිකක් පහලට එබුනු Taehyung ට දකින්න ලැබුණු දේ නම් ඒ වයසෙ ඉන්න පොඩි දරුවෙක්ට කොහෙත්ම බලන්න පුළුවන් විදියෙ දර්ශනයක් නෙවෙයි...

ලේ විලක් මැද වැටිල හිටපු ඒ මනුස්සයා තමන්ගෙ අන්තිම පණ කෙන්ද වෙනුවෙන් සටන් කරන ඒ මොහොත Taehyung ව ගොඩක් ලොකු කම්පනයකට පත් කලා වගේම ගොඩක් බියට පත් කලා ..

ඒ නිසාම ඊළඟ තප්පරේ ආපහු ඇදේ කොනකටම තල්ලු වුණු Taehyung බයටම දැඩිය වැක්කෙරෙන ඔහුගේ ඔලුව, පපුවට තද කරගත්ත දෙපා අතරට ඔබාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තෙ මේ හැමදේම දිහා ගොඩක් පුදුමෙන් බලාගෙන හිටපු Jungkook ව තව තවත් බියට පත් කරලා..

🐇 - " ටෙ_ටේ !!!
ටෙටේ ඇ-ඇයි මේ !?
Please අඩන්න එපා. "

බොහොම අමාරුවෙන් Taehyung ගෙ අත් අතරට රිංගගෙන ඔහුගෙ පපුවට ඔලුව තියන් තුරුල් වුණු Jungkook ටිකක් වෙව්ලන හඬකින් එහෙම මිමිණුවෙ එයා මීට කලින් කවදාවත් එයාගෙ hyung ව මේ විදියට දැකලා නොතිබ්බ නිසා..

---------------

මේ අතරෙ Jungkook ගෙ Hospital room එක ඉස්සරහ duty දාලා හිටපු Sergeant ලා දෙන්න ටිකක් විමසිල්ලෙන් එතනට වෙලා බලාගෙන හිටියෙ, Jungkook ව check කරන්න room එක ඇතුලට ගිය Dr.Lee පැය බාගෙකට කිට්ටු වෙනකනුත් ආපහු එළියට ආපු නැති නිසා...

ඔහොම ටිකෙන් ටික වෙලාව ගත වෙද්දි ඒ Sergeant ලා දෙන්නගෙ හිත් වල ඇතිවුණු පොඩි සැකයක් වගේම කනස්සලු ගතියක් හින්ද තවත් බලන් ඉන්න බැරිම තැන ඒ දෙන්නා හිමීට room එක ඇතුලට ගියේ, මේ තරම් වෙලා ඒක ඇතුලෙ සිද්ධ වෙන්නෙ මොනවද කියලා සැක නැතුව දැනගන්න...

ඒත්...................

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🐨 - " කීයටද එයා ඇතුලට ආවෙ ? "

💂1 - " මීට පැයකට විතර කලින් Sir. "

🐨 - " එතකොට Dr.Lee දැන් කොහෙද ! "

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now