18 🚩 - ( ' 3')

1.1K 252 45
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Miss.Luveena අපිට උගන්නන්නෙ English..
ඒක තමා මගේ boring ම period එක... පොඩ්ඩක් හිතන්නකො ඒ වගේ subject එකක් උදේ පාන්දරම ඉගන ගනිද්දි දැනෙන ආතල් එක කොහොමද කියලා... කතා කරල වැඩක් නෑ නේ! 😂😂

හැමදාම English period එක ඉවර වෙනකන් කුකී නම් කරන්නෙ එයාගෙ පැත්තෙ තියන මගේ අතේ එක එක විදියෙ tatto අදින එක... කුකී ඉන්නෙ අපේ ඩෙස් පේලියෙ අයිනෙම පුටුවෙ නිසා එයා පාඩමට අවධානය නොදී හිටියත් මිස්ට ඒක වැඩිය මීටර් වෙනවා අඩුයි.
අනික අපි දෙන්නටම term test වලදි English වලට ලකුණු 70 ට වැඩියෙන් තියන නිසා Miss.Luveena අපේ පස්සෙන් වැඩිය එලවලා යන්නෙත් නෑ..

මගේ එහා පැත්තෙ හිටපු අලුත් කොල්ල Beomgyu නම් period එකේ මුල් ටිකේදි හොදට පාඩම අහන් හිටියා... ඒත් ටික වෙලාවකින් ඌගේ ඇස් කැරකෙන්න ගත්තෙ අපේ පැත්තට..
මම ඇහැ කොනෙන් වගේ දැක්කා එයා මාවයි කුකීවයි කකුල් දෙකේ ඉදන් ඔලුවටම හොද scan පාරක් දාගන්නවා.. ඒත් මම එයාව වැඩිය care කරන්නෙ නැතුව පාඩුවෙ හිටියා.

දීර්ඝව ගත වුණු විනාඩි 45 කට පස්සෙ Miss.Luveena පාඩම ඉවර කරලා Class එකෙන් එළියට ගියා..

🐇 - " ටෙටේ..."

🐆 - " ම්ම්ම්ම්ම් "

🐇 - " මේක ලස්සනද "

මගේ අතේ මැණික් කටුව හරියෙන් ඇදලා තියන උකුස්සෙක්ගෙ ඔලුවක් වගේ tatto එක පෙන්නලා කුකී මගෙන් ඇහුවා..

🐆 - " ම්ම්ම් ලස්සනයි කුකී..
Good job..."

මම කුකීගෙ ඔලුව අතගාලා කිව්වා..

🐵 - " හායි. "

එකපාරටම අපේ අවධානෙ කැඩුනෙ මගේ පිටිපස්සෙන් ඇහුනු අලුත් කොල්ලගෙ කටහඬට..
ඒත් එක්කම මමයි කුකීයි දෙන්නම එයා දිහා එකටම හැරිල බැලුව...

🐵 - " හායි "

ඒ ගමන එයා එයාගෙ අතකුත් වනලා, දත් සෙට් එකම එළියට දාගෙන අපිට විරිත්තලා ආපහු හායි ලු..

' මූ මොන්ගල් ඩයල් එකක්වත් ද ! '
මට නිකමට වගේ හිතුනා.

🐇 - " හායි "

මම ඒ කොල්ලා දිහා බලාගෙන කල්පනා කරන ඩිංගට කට පියන් ඉන්න බැරි කුකී ඒ ළමයට හිනා වෙලා කතා කලා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now