20 🚩 - ( ' 3')

1.1K 265 40
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

මම දිගටම බයිසිකලේ පැදගෙන යද්දි මට හම්බුනේ පොඩි children's park එකක්...
ඒකෙ පුරාම එහෙම මෙහෙ දුවන, සෙල්ලම් කරන,  චූටි චූටි බටු ඇට ටික දැක්කම මට යන්තමට හිනා ගියා..

' අනේ හරිම හුරතල් '
මට හිතුනා..

හදිස්සියෙම ආපු සිතුවිල්ලකට මම මගේ බයිසිකලෙත් ඒ අයිනකින් නවත්තලා park එක ඇතුලට ගිහින් ඔංචිල්ලා 6 ක් විතර පේලියට සෙට් කරල තිබ්බ හරියෙන් bench එකක වාඩි වුණා.

මගේ ළඟම තිබ්බ ඔංචිල්ලාවෙ චූටි කොල්ලෙක් වාඩි වෙලා හිටියා.. පෙනුමෙන් නම් එයාට අවුරුදු හතරක් වගේ ඇති... එයාගෙ පිටිපස්සෙ ඉදන් එයාට තල්ලු දානවා තව චූටි කොලු පැටියෙක්... එයාට නම් අවුරුදු හයක් නැත්නම් හතක් විතර ඇති...

" hyung අලේ තව හයියෙන් තල්ලු කරන්නකූ "

ඔංචිල්ලාවෙ ඉදගෙන හිටපු පොඩි එකා උඩ යන වාරයක් වාරයක් ගානෙ හිනා වෙවී කෑ ගහනවා.
එතකොට අනිත් ළමයා තව වේගෙන් එයාව තල්ලු කරනවා..

දෙන්නත් එක්ක ඔහොම හයියෙන් ඔංචිලි පැද පැද ඉද්දි අර පොඩි එකාට balance නැතුව එකපාරටම එයාව ඔංචිල්ලාවෙන් බිමට වැටුනෙ මම බලන් ඉද්දිමයි..

දැන් පොඩි එකා බිම ඉදන් හොදටම අඩනවා.... ලොකු කොල්ලා හොදටම බය වෙලා බලන් ඉන්නව....

ඒ පොඩි එකා අඩද්දි මට මතක් වුණේ මගේ කුකීව... එයත් ඔය වගේම තමා අඩද්දි... පොඩි දෙයක් වුණත් හූ තිය තිය අඩනවා.... එතකොට මම එයාගෙ මූණ පුරාම හාදු තියලා රිදෙන තැන් වලටත් හාදු තිබ්බම එයා අඩන එක ටිකකට නවත්තනවා... පස්සෙ ආපහු ඒකම මතක් කරකර අඩනවා.

මම දන්නෙ නෑ මම කොහොම ඒ පොඩි කොල්ලා ගාවට ගියාද කියලා... ඒත් මම එයාව හිමීට උස්සගෙන අරන් ඇවිත් bench එක උඩින් ඉන්දුවා.

🐆 - " කොහෙද රිදෙන්නෙ බබා "

මම එයාගෙ ඇගේ තිබ්බ වැලි ගස ගස එහෙම අහද්දි එයා මට කිසිම උත්තරයක් නොදී එයාගෙ hyung දිහාම බලාගෙන දිගටම ඇඩුවා..

අනිත් පොඩි එකා තාමත් අර ඔංචිල්ලාව ළඟ හිටගෙන බයවෙලා වගේ බලන් ඉන්නව... මම එයා ගාවට ගිහින් එයාගෙ අතින් අල්ලගෙන පොඩි එකා ගාවට එයාව අරන් ආවා... ඊළඟ තප්පරේ අර පොඩි එකා එයාගෙ  hyung ව බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now