07 🚩 - ( ' 3')

1.2K 276 65
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

එදා අර police officer, Namjoon ළඟට අරන් ආපු file එකේ තිබ්බෙ cctv footage වගයක් එක්කම photos කීපයක්...
ඒව වල තිබ්බෙ Mr.Jeon ගෙ මාමා Jeon Moon-seok අවස්ථා කීපෙකදි Jeon family එකේ කට්ටියව හම්බුවෙන හැටි...

ඒවයින් එකක් එයා Mr. & Mrs. Jeon ව එදා එයාලා අන්තිමට සහභාගි වුණ Business party එකේදි හම්බුන එකක්... අනිත් ඒවා වල තිබ්බෙ එයා Jeon family එකේ කට්ටියව එයාලගෙ ගෙදරට ගිහින් හම්බුවෙන විදිය..

වැදගත්ම දේ ඒ Moon-seok කියන කෙනා Jeon family එකේ හැමෝවම මුණ ගැහිල තිබ්බෙ එයාලා හැමෝම ඝාතනය වෙන්න පැය කීපෙකට කලින් වීම.. මේ හේතුව නිසා Namjoon ගෙ හිතේ තිබ්බ සැකේ තව තවත් වැඩි වෙන්න ගත්තා..

Namjoon කලින් ඉදන් Mr.Jeon ගෙ මාමා ගැන සැක හිතන්න හේතුව තමා Jeon cooparetion එකේ Mr.Jeon ට පස්සෙ ඊළඟට shares වැඩිම කෙනා Jeon Moon-seok වීම.. ඒ වගේම Company එක ඇතුලෙදි Mr.Jeon ගෙයි එයාගෙ මාමාගෙයි අතර ඒ තරම් සතුටු වෙන්න පුළුවන් විදියෙ සම්බන්ධතාවක් තිබිලත් නෑ.. ගොඩක් වෙලාවට Mr.Jeon ගෙ තීරණ වලට එයාගෙ මාමා Moon-seok තදින්ම විරුද්ධ වෙලා තිබ්බා... ඉතින් මේ දේවල් එක්ක Namjoon ගෙ හිතේ කලින් ඉදන්ම පොඩි සැකයක් තිබ්බා මේ Moon-seok කියන පුද්ගලයා ගැන...
.
.
.
.
.
.
.
.






එදා හවස Namjoon, police station එකේ ඉදන් ගෙදර ආවෙ වෙනද වගේම ගොඩක් මහන්සියෙන්...

ඒත් එයා එද්දි පුංචි Taehyung නුයි Jungkook කුයි දෙන්නම Living room එකේ සැටි එක උඩ ඉදගෙන මහ හයියෙන් අඩනවා.. එතකොට Jin එයාලව නලවන්න ලොකු try එකක් දෙනවා....

🐨 - "  මේ මොකද මේ...
Good boys ලා ඔහොම අඩන්නෙ නෑනේ.. "

Namjoon එහෙම කියාගෙනම ගෙට අඩිය තිබ්බා..

🐹 - " ohh ජූන්... ඔයා ආවද! "

🐆 - " අ-ප්-පා.... 😭😭😭"

🐇 - " 😭😭😭 "

🐨 - " මොකද මේ දෙන්නම අඩන්නෙ කවදාවත් නැතුව..."

වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව හොල්මන් වෙලා හිටපු Namjoon එයාගෙ husband Jin ගෙන් ඇහුවා... මොකද මීට කලින් කවදාවත් මේ විදියට මේ දෙන්නා අඩලා නෑ...

🐹 - " අද cafe එකේ ඉදන් ගෙදර එද්දි අපේ ටෙටේ ව පාරෙදි වැටුණා ජූන්.. එයාගෙ දණිස්ස ටිකක් තුවාල වෙලා.. ඒ වෙලාවෙ ඉදන් දෙන්නම අඩනවා.. මුලින්ම අඩන්න ගත්තෙ ටෙටේ බබා... එයා රිදෙන නිසා අඩනවා කියමුකෝ... එතකොට කුකී අඩන්නෙ ටෙටේ ට රිදෙනවා කියලා..
මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා ජූනී.. දැන් පැයකටත් වැඩී මේ සෙල්ලම... තාම දෙන්නා wash දාලත් නෑ.. "

Jin ඔලුවෙ අතත් ගහගෙන Namjoon ට විස්තරේ කිව්වා...

🐨 - " aegyo මගෙ පැටවු දෙන්නා..."

Namjoon එහෙම කියලා හිනාවෙවීම පොඩි දෙන්නා ගාවට ගිහින් දණ ගහගත්ත...

🐨 - " කෝ දැන් දෙන්නම අඩන එක නතර කරන්නකො... "

🐆 - " අප්පා..😭😭😭"

🐇 - " අප්පා ටෙටේ පවු.. ටෙටේත ගොදක් සිදෙනෝ 😭😭.."

🐨 - " ඇත්තට!... ටෙටේ ට ගොඩක් රිදෙනවද!
කෝ බලන්න අප්පා.."

Namjoon ගොඩක් ආදරෙන් පුංචි Taehyung ගෙ කලිසම් කකුල උස්සල තුවාලෙ දිහා බැලුවා..

🐨 - " අනේ මේක ගොඩක් චූටි තුවාලයක්නෙ ටේ බබා... බලන්නකො.
ඔයා strong boy කෙනෙක් නේද!.. ම්ම්ම්... "

🐆 - " yes අප්පා..😢😢😢"

🐨 - " ඒකනෙ.. දැන් අඩන්නෙ නැතුව ඉන්නකො...
බලන්න මේ ඔයාට රිදෙනව කියලා චූටි කුකී බබත් අඩනවා.."

🐆 - " කුකී අඩල්ල අපා... ටෙටේ ට තුත්තයි සිදෙන්නෙ "

🐇 - " ටෙටේත සිදෙන්නෙ නෑ දැන්.?? "

🐆 - " නෑ කුකී.."

එහෙම කියලා පුංචි Taehyung කුකී ව බදාගත්තා..

ඒ මොහොතෙදි පැයක් විතර තිස්සෙ හයියෙන් වැහැලා වැහැලා පෑව්වා වගේ මුළු ගෙදරම එකපාරට නිශ්ශබ්ද වුණා... ඔන්න ඒ වෙලාවෙ තමා පැත්තක ඉදන් මේ දිහා බලන් හිටපු Jin සැනසුම් සුසුමක් හෙලුවෙ...

.
.
.
.
.
.
.
.
.

💜⏩⏩














Author note ✏

අද මේකෙ update එකක් දෙන්න නෙවෙයි මං හිටියෙ ඇත්තටම...
මම ඊයෙ කිව්වනෙ ඔයාලට Lovely Bunny ඉවර වෙනකන් ආයෙ මේ පැත්තට එන්නෙ නෑ කියලා...
ඒත් හදිස්සියෙම මගේ හිතට වද දෙන්න ගත්තු දෙයක් නිසා මං මේ පැත්තට ආවා ඔයාලගෙන් දෙයක් අහගෙන යන්න..

ළමයි මම මේ serious අහන්නේ....

ඔයාලට මේ කතාව ඕනිද!
ඔයාලා මේකට ආසද!!

මට කියන්නකො...

බැරිවෙලාවත් ඔයාලා මේ කතාවට වැඩිය ආස නැත්නම් මම මේක ලියන එක නතර කරනවා....
නිකන් අපරාදෙනෙ acc එකේ plot එකක් තියාගෙන ඉන්න එක.

ඔයාලගෙ තීරණයක් තමා...☺❤👍







OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now