Bonus 2 🚩 - ( ' 3')

719 122 27
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Night 🌙

Taehyung ට සිහිය ඇවිත් කියල පණිවිඩේ දැනගත්ත පරක්කුවට අනිත් ඔක්කෝම වැඩ පැත්තකට දාලා kim ගෙදරට දුවන් ආපු Yoonseok family එකයි Doctor Harry යි එයාගෙ wife Annie යි ආපහු ගෙවල් වලට පිටත් වුණේ මීට ටික වෙලාවකට කලින්..

Doctor Harry කියපු විදියට Taehyung එයාගෙ කෝමා එකෙන් එළියට ආවත් තව ටික දවසක් යනකන් එයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඒකට ලොකු උපදෙස් මාලාවකුත් එයා Kim Family එකට දීලයි ගියේ..

ඇත්තටම අවුරුදු තුනක් කියන්නෙ ගොඩක් ලොකු කාලයක්.. මේ අවුරුදු තුන පුරාවට එයාලට කොයිතරම් දේවල් වලට මූණ දෙන්න වුණත් අන්තිමේ දි ඒ හැමදේම විසදිලා ගිහින් ආපහු පරණ ජීවිතේම එයාලට ලැබුන එක ගැන Namjin දෙන්නා දෙවියන්ට ස්තූතිවන්ත වුණා.. ඒ වගේම එයාලා ප්‍රාර්ථනා කලා ආපහු කවදාවත් මේ වගේ අමාරු කාලයක් එයාලගෙ පුංචි පවුලට උදා නොවෙන්න කියලා.

🐹 - " මගෙ මැණික් කැට දෙක... අප්පාගෙයි පපාගෙයි වස්තුව.. "

Jin එයාට තුරුල් වෙලා හිටපු ටේ කුකී දෙන්නව තව ටිකක් එයාගෙ පපුවට තද කරගත්තෙ එයාලගෙ ඔලුවට ආපහු හාදුව ගානෙ තියන ගමන්..
අද දවස පුරාම jin හිටියෙ ඔහොම තමා. උදේ Taehyung ට සිහිය ආපු වෙලේ ඉදන් එයා ගොඩක් emotional වෙලා..

මේ තුන්දෙනා හිටියෙ ගෙදර Living room එකේ sofa එකක ඉදගෙන.. Namjoon එයාලා තුන්දෙනාටම පිටිපස්සෙන් හිටගෙන මේ තුන්දෙනාවම තදින් වැළඳගෙන හිටියා.

🐹 - " ඔයාල දෙන්නටම අපි දෙන්නා මහ ගොඩක් ආදරෙයි මගෙ දරුවෝ.. "

🐆 - " අපි ඒක දන්නව පපා.. අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි. "

🐇 - " love you so much අප්පා, පපා "

🐨 - " හරි හරි දැන් දෙන්නම ගිහින් හොද Wash එකක් දාගන්න..
කුකී බබා, hyung ට ටිකක් උදවු කරන්න හොදද ! "

🐇 - " හරි අප්පා. "

ටික වෙලාවකට පස්සෙ කුකීගෙ ඔලුව අතගාලා Namjoon කිව්වම Taekook ඩබල ඒකට ඔලුව වනල එයාලගෙ Room එකට ගියා.

🐨 - " දැන් බයවෙන්න එපා හනී... හැමදේම හොදින්. "

🐹 - " හ්ම්~ "










OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now