Bonus 1 🚩 - ( ' 3')

1K 181 73
                                    

➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡➡

Jungkook ට දැන් අවුරුදු 20 ක් සම්පූර්ණ වෙන්න ළඟයි.. මේ වෙද්දි එයා එයාගෙ ටෙටේ hyung නැතුව තනියම ජීවත්වෙන්න අරන් අවුරුදු තුනකට ආසන්න කාලයක් ගතවෙලා තිබ්බා.. ඒත් තාමත් එයාට මේ අලුත් ජීවිතේට හැඩගහෙන්න ගොඩක් අමාරු වෙලා තිබ්බෙ, Taehyung එයාගෙ ළඟ නැති අඩුව මකන්න වෙන කිසිම දේකට පුළුවන් කමක් තිබ්බෙ නැති නිසා..

මේ වෙනකොට Jungkook ට එයාගෙ Jeon පවුලෙ හැම දේපලකම නීත්‍යානුකූල අයිතිය පැවරිලයි තිබ්බෙ.. ඒ දේපල අතර එයාලගෙ ගින්නෙන් විනාස වෙලා ගිය මහගෙදරත්, පවුලෙ business එක වුණු Jeon cooperation එකත්, එයාගෙ අප්පගෙ නමට තිබ්බ ලොකු land එකකුත් ඇතුලත් වෙලා තිබ්බා.. ඒත් තාමත් Jungkook ඒ properties බාර ගන්න එක තරයේම ප්‍රතික්ෂේප කරල තිබ්බෙ Jeon පවුලෙ කිසිම දෙයක් එයාට එපා කියන මතේ එයා තදින්ම හිටපු නිසා... Namjin දෙන්නා වුනත් ඒ කිසිම දෙයක් ගැන Jungkook ට පොඩිවත් බලපෑමක් කලේ නැත්තෙ Jungkook දැන් තමන්ගෙ දේවල් ගැන තනියම තීරණ ගන්න පුළුවන් වයසක ඉන්නව කියල එයාලා විශ්වාස කරපු නිසා.

Moon-Seok ට මේ වෙද්දි ජීවිතාන්තය දක්වාම හිරබත් කන්න සිද්ධ වෙලා තිබ්බා.. ඒ එයා කරපු හැම අපරාධයක්ම Namjoon ඇතුලු එයාගෙ team එක විසින් හෙලිදරව් කරපු නිසා..

මේ හැමදේම මේ විදියට විසදීගෙන යද්දි තවත් එක දවසක හවස් වරුවේ Namjoon ට හදිස්සියෙම call එකක් ආවෙ එයාලගෙ ජීවත වලට අලුත් බලාපොරොත්තුවක් එකතු කරලා...

📲📲📲📲
Dr. Harry

🐨 - " hello doctor Harry! "

💊 - " Mr.Namjoon, මං ගාව ඔයාලාට ගොඩක් හොද ආරංචියක් තියනවා. "

🐨 - " ටෙ-ටේහියුන් ?! "

💊 - " හ්ම්~ එයා අද coma එකෙන් එළියට ආවා.
අපිට දැන් එයා ගැන hops තියාගන්න පුළුවන්! "

Garden එකේ ඉදන්ම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වපු Namjoon ඒ අනිත් පැත්තට ගේ ඇතුලට දුවගෙන ගියේ එයාගෙ ඇස් වල පිරුණු සතුටු කදුළුත් එක්කමයි.

🐨 - " හනී !!! "

එයාලා දෙන්නගෙ කාමරේ ඇද උඩට වෙලා ඉදගෙන Taehyung ගෙයි Jungkook ගෙයි Photo එකක් දිහා බලන් බර කල්පනාවක හිටපු තමන්ගෙ Husband ට Namjoon එහෙම කතා කලේ පොඩි හිනාවකුත් මූණේ තියාගෙන..

OᑎᒪY YOᑌᖇ ᕼYᑌᑎG ? | ✔✔Where stories live. Discover now