🌬1

2.9K 354 91
                                    

Yuna's pov

වැඩ ඉවර කරල මං අපාර්ට්මන්ට් එකට පයින්ම ගියෙ ක්ලිනික් එකට එන වයසක ආච්චි කෙනෙක් දුන්න මල් බොකියෙ හැඩ බල බල. මං යූනා physiologist කෙනෙක්. මගේම කියල පොඩි ක්ලිනික් එකක් කරගෙන යනව. ඉතින් එතනට වැඩියෙන්ම එන්නෙ වයසක අය. ඒ එන ගොඩක් අය හරිම හොඳයි.අදත් ඒ වගේ හොඳ ආච්චි කෙනෙක් එයාට කරන සේවය වෙනුවෙන් මට මල් බොකියක් දුන්නෙ. මං මල් බොකී එක දිහාම බලාගෙන යද්දි කෝල් එකක් ආව. ස්ක්‍රීන් එකේ වැටුනෙ expired කියල. ඒ මගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්. එයයි මායි බ්‍රේක් අප් වුනේ මාස පහකට විතර කලින්. ඒ එයාට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුන නිසා. බ්‍රේක් අප් වුන කාලෙම මං එයාගෙ නම්බර් එක බ්ලොක් කරා. ඒත් සති තුනකට විතර කලින් ඒ මිනිහ මට වෙන නම්බර් එකකින් ආයෙමත් කෝල් කරා. ඒ එයාට මාව ඕනෙ කරපු දේට සමාව දෙන්න කියාගෙන. එහෙම සමාව දෙන්න මං දෙවියෙක් නෙමෙයිනෙ. රෑ වැටුන වළේ දවාලෙත් වැටෙන්න කිසිම අවශ්‍යතාවයක් මට නෑ.

තුන්වෙනි පාරටත් expired ගෙන් කෝල් එක එද්දි මං ඒක ආන්සර් කරා.

♥️"මොකද වද දෙන්නෙ..?"

🎈"pls yuna....අනේ මට ඔයාව ආයෙත් ඕනෙ..."

️♥️"තමුන් බීල ඉන්නෙ. සිහිය තියෙන වෙලාවක කතා කරන්න"

🎈"මං බීල නෑ...අනේ ආයෙ....."

තවත් මුකුත් කියවන්න කලින් මං කෝල් එක එන්ඩ් කරේ ෆෝන් එක පොළවෙ ගහන්න තරම් තරහක් එද්දි.දවස් ගාණක් මං මෙයාට පැහැදිලිවම කිව්ව ආයෙත් මට කරදර කරන්න එපා කියල. දැන් ඒ පාර බීල කෝල් දානව. අවුරුදු තුනක් එකට ඉඳල දවස් දෙක තුනක් හම්බුන ගෑනි වෙනුවෙන්නෙ මාව දාල ගියෙ. අහිංසක මනුස්සයෙක්ට වරදක් කරාම දුක් දුන්නම ඒක කැරකිලා ආයෙ තමන්ටම එනව කියල මට වේදනාවක් දෙන්න කලින් හිතන්න තිබුන.දැන් ඉතින් පරක්කු වැඩී. පරණ දේවල් අමතක කරල ඉස්සරහට තිබ්බ අඩිය මං ආයෙ පස්සට ගන්නෙ නෑ.

"ඩෝං...." මං හිටපු තැනට ටිකක් දුරින් එක පාරටම ඇහුන බෝම්බයක් පුපුරනව වගේ සද්දෙ නිසා මගෙ අතේ තිබුන මල් බොකියත් බිම වැටුන.

ඒත් වටේපිටේ හිටපු මිනිස්සුන්ට නම් ඒක ඇහුන බවක්වත් පේන්න තිබුනෙ නෑ.

God's Angle (Completed)Where stories live. Discover now