🌬️4

1.3K 245 49
                                    

අපොයිමන්ට්ස් මුකුත් තිබ්බෙ නැති හින්ද මං යූශිවත් ඇදගෙන ඔන්නිටත් මගට එන්න කියල ගියෙ ශොපින් මෝල් එකට. අපි තුන්දෙනා අයිස්ක්‍රීමුත් කකා ඇවිදිනකොට...

"යූනා...."

ඒ කටහඬ ඇහුන ගමන්ම මම හිටපු තැනම ගල් වුනා. ශිට්...තාමත් මට මෙයා ඉස්සරහ එක එක ඒව වෙනවනෙ. පළවෙනි ආදරේ කොහොම අමතක කරන්නද නේද ඉතින්. මොකෝ මං හදවත අරන් ගලක අතුල්ලල මොළේ අරන් ඇළේ හෝදන්නයැ එයාව අමතක වෙන්න.

🧡"ඒයි උඹේ ex..."

යූශි මගෙ වැලමිටට අනිනව ගොනා වගේ. මං බැරිම තැන ඒකිගෙ අත එහෙට කරල පිටිපස්සට හැරුන.

ඕමෝ...හිටියටවත් වඩා හැන්ඩ්සම් වෙලා. දැන් නම් එළකිරි සුපිරි කිරි. මෙහෙම දකිද්දි කොහොමද දෙයියනේ එක හිතකින් වෛර කරන්නෙ. කරුමෙ කරුමෙ වෙලාවකට හිත හොඳ වැඩිකමත් කරදරයක්. මාව දකින අය එහෙම කියනවලු මං කිව්වෙ මේ මං හරි කරුණාවන්තයි හිත හොඳයි කියල. ඒත් දන්නෝ දන්නව මම කොහොමද කියල.

♥️"ඕහ්.. හායි..කවුද මේ ඔයා මාව අඳුරනවද?"

🎈"යූනා..මං දන්නව මගෙ අතින් වරදක් වුනා"

අතින් නෙමේ වෙන එකකින් කියල කියන්න කට හැදුනත් නොකිය හිටිය ඉතින්.

♥️"මොකද්ද ඔයාට වෙන්න ඕනෙ"

🎈"යූනා ප්ලීස් ආයෙ මං ගාවට එන්න"

♥️"මං අඳුරන්නෙ නැති මනුස්සයෙක් එක්ක මම කොහොමද එන්නෙ...ආහ්.."

🎈"ප්ලීස් යූනා..."

♥️"කරුණාකරල මට කරදර කරන එක නවත්තන්න. මේ මං කියන අන්තිම වතාව"

මං ex ව අළුවෙලා යන්නම රවල යූශිවයි ඔන්නිවයි ඇදගෙන එතනින් ආව.

🧡"ඒ ...මේ... ඌ තව ලස්සන වෙලා බං.."

යූශි කිව්වෙ අපි ශොපින් මෝල් එකෙන් එළියට ඇවිත් කාර් එකට නගිද්දි. අරය මගෙ මූඩ් එකම කෑව හින්ද අපි ශොපින් කරෙත් නෑ.

♥️"ලස්සන නම් උඹ බැඳගනින්..මෙතන කෙළ පෙර පෙර ඉන්නෙ නැතුව"

🧡"බැදල හරි තම්බල හරි ගන්න බැරියැ ඌ මට කැමති නම්.."

💛"එයා කැමතිද කියල දැනගන්න මුලින් ඔයා ට්‍රයි කරල බලන්නකො.."

God's Angle (Completed)Donde viven las historias. Descúbrelo ahora