🌬️19

959 200 7
                                    

මූණට වැටුන ඉර එළිය එක්ක මම කෙඳිරි ගගාම ඇඳේ එහා පැත්තට හැරුනෙ එයාගෙ අත් දෙක මගෙ ඉන වටේ තව තවත් තද වෙද්දි.

"ගුඩ් මෝනින්.."

ඇස් දෙක වහගෙනම මම කෙඳිරුවෙ. ටිකකින් එයාගෙ හිනාවත් එක්ක කෙඳිරියකින් වගේ කන ළඟම මෝනින් කියනව ඇහුනෙ.

වැඩට යන්න ඕනෙකම තිබ්බත් එයාගෙ උණුසුමේ ඉන්න ආස හිතෙන නිසාම මගෙ ඇස් දෙක ආයෙත් පියඋනා. එයත් මුකුත් නොකියම මාව තව ටිකක් තදට බදාගත්ත. මම ඇහැරුනේ ටිකෙන් ටික එයාගෙ උණුසුම නැති වේගෙන යනව දැනෙද්දි.

ඇස් දෙක ඇරපු තත්පරේම මම හැමතැනම හෙව්වෙ එයාව. එයා මාව දාල ආපහු ගිහින්දෝ කියල හිතෙද්දි මම ඇස් වල කඳුලුත් පුරවගෙන එයාගෙ නම කියන ගමන් එයාව ගේ පුරාම හෙව්ව.

දැනුනෙම එයා මටත් නොකියම ගිහින් කියල. කඳුලු වලට නැවතුමක් තිබ්බෙ නෑ. හදවත කෑලි කීපෙකට කැඩෙනව වගේ වේදනාවක් මට දැනුනෙ.

🖤"බබා..."

මම බිම දණ ගහගෙන අඬද්දි එයා ඇවිත් මාව බදාගත්තෙ. ඒ වෙලාවෙ මට දැනුන සැනසීම...කියාගන්න බෑ. මම එයාව තුරුලු කරගෙන එයාගෙ මූණ පුරා මගෙ දෙතොල් ගෙනිච්චෙ කරන්නෙ මොනවද කියලවත් සිහියක් නැතුව.

"මං හිතුව ඔයා මට නොකියම ගිහින් කියල.."

වචනත් කැඩි කැඩි මං බොහොම අමාරුවෙන් කියාගත්තෙ.

🖤"පිස්සි.."

එයා මගෙ ඔළුව අත ගෑවෙ එහෙම කියල හිනාවෙලා. මම මූණ බුම්බ ගත්තෙ එයා මට පිස්සි කියපු හින්ද.

🖤"මොකද දැන් මූණ බෙරි කරගත්තෙ. ම්ම්.."

"මට පිස්සි කිව්වෙ.." මං ඇස් දෙකත් බෝල කරගෙන කියනකොට නම් එයාගෙ මූණට ආව හිනාව කියාගන්න බැරි තරම්ම ලස්සනයි.

🖤"හපෝ..හුරතලේ වැඩී දැන්. එනව යන්න ගේ ඇතුළට මෙතන ඉඳල ලෙඩක් හදාගන්නෙ නැතුව..."

එයා කියන පුංචි වචනෙකුත් ඇති මගෙ හිත සතුටින් පිරිල යන්න. මම ඉන්නෙ පිපිරෙන්න ඔන්න මෙන්න වගේ. ආදරයක් මට කරපු හරියක්. ඇත්තටම ආදරේ කියන්නෙ මේකට නේද කියල මට දැනුයි තේරෙන්නෙ. කලින් මම කරල තියෙන්නෙ ආදරයක් නෙමේ. ආදරේ කියල හිතාගෙන ඉඳල විතරයි.

God's Angle (Completed)Where stories live. Discover now