🌬️18

1K 208 35
                                    

දවල්ට මායි ජීසුයි සෝවුකුයි කෑම කමින් ඉද්දි දැකපු රුවත් එක්ක මං ගැස්සිලා ගියෙ ඒ මුහුණ බලන්න බැරි තරමටම කේන්තියෙන් පිරිල ගිහින් තිබුන නිසා.

වෙන කවුරුත් නෙමේ ඉතින්...ඔයාල දැනටම දන්නව ඇතිනෙ. එයා තමා

මං බය වෙලා ඉන්න බව දැකල සෝවුක් ජීසු දෙන්නත් මං බලන් හිටිය දිහා බැලුවෙ.

මුකුත් හිතාගන්නත් කලින් අඩියට දෙකට එයා මං ළඟ.

🖤"එනව යන්න..."

❤️"ජි..."

මං මුකුත් කියන්න කලින් එයා මගෙ අතින් ඇදගෙන ගියෙ මාත් එයාගෙ පස්සෙ පරඬැල වගේ ඇදිල යද්දි. ඒ වේගෙන්ම එයා මාව කාර් එකට දාල දොර වැහුව. ඌයි...ඔළුවත් වැදුන. මං ඔළුවත් අත ගගා එයා දිහා බලන් හිටියෙ.

අම්මෝ...එයාට මෙච්චර කේන්ති යනව කියල මං දැනන් හිටියෙ නෑනෙ. ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නෙ ඕක තමා. මාව එයා අද නම් බාබක්‍යු එකක් කරල තමා නවතින්නෙ.

ඇත්තමයි...මැරෙන්න ළං වෙලා ඉද්දිත් මට විකාර හිතෙනවනෙ. තරහ ගියාම එයා තව ටිකක් ලස්සනයි. දැන් නම් එයාව හැමදාම කේන්ති ගස්සන්නත් හිතෙනව.

මං එයා දිහා බලන් විකාර හිතද්දි දන්නෙම නැතුව ගේ ළඟටත් ඇවිල්ල. එයා ආයෙ පාරක් කාර් එකේ දොරවල් කඩල කරල මාව ගේ ඇතුළට ඇදන් ගියා. මෙයා මේ සලකන විදිහට අපරාධකාරයෙක්ටවත් සලකන්නෙ නැතුව ඇති.

එයා මාව ඇදන් ඇවිත් තල්ලු කරේ සෝෆ එකට. මම පුළුන් බෝලෙ වගේ පාවෙලා ගිහින් ඒකෙ ඉන්දවුනා. එයා මගෙ ඉස්සරහ වාඩිවෙලා දණිස් දෙකට වැලමිටි තියන් මගෙ දිහා බලන් ඉන්නෙ. ඒ බලන් ඉන්න විදිහට තව බය හිතෙනව.

🖤"ඇයි මගෙ කෝල්ස් ආන්සර් කරේ නැත්තෙ....?"

හම්මේ...එයාගෙ කටහඬ. වෙනද තියෙන මිහිරි ගතිය අද පොඩ්ඩක්වත් නෑ. අද තමා මං එයාගෙ නපුරු කටහඬ හරියටම ඇහුවෙ. ඒ කටහඬට මගෙ ඇඟේ හිරිගඩුත් පිපුන.

❤️"ආහ්...ඒ...මේ...මම...වැඩ වලින්...බිසී වෙලා හිටියෙ...ඔයාගෙ කෝල්ස් දැක්කෙ නෑ..."

🖤"ෆෝන් එක අරන් බලනව කෝල්ස් කීයක් අරන්ද කියල.."

එයා කිව්වම මම ෆෝන් එක බැලුවෙ. නෝමල් කෝල්ස් විතරක් 56. වට්සැප් , ඉමෝ , වයිබර් ඔය තියෙන අනිත් ඇප් හැම එකෙන්ම කෝල්ස් 150 කට වඩා ඇවිත්. සමස්තය කෝල්ස් 200 කට වඩා වැඩී. දෙයියෝ...මෙයා මෙච්චර කෝල්ස් ගැහුවෙ මොකටද? පිස්සෙක්නෙ...නෑ මේ ඉතින් මං කිව්වෙ එයා පිස්සෙක් නෙමේ. සමහරවිට බය වෙන්න ඇති.

God's Angle (Completed)Where stories live. Discover now