🌬️12

1.2K 238 20
                                    

🖤"බය වෙන්න එපා ඒව ඔක්කොම හරි...ම්ම්...."

එයා මගෙ ඔළුව අතගාල නළලට දෙතොල් තද කරා.

එයා ඩ්‍රයිවින් සීට් එකට යන අතරෙ මං බැලුවෙ කලින් තිබුන ගෙදර දිහා. කලින් කියල කිව්වෙ ඒ ගෙදර දැන් පේන්න තිබුනෙ නැති නිසා. එතන ගෙදරක් තිබ්බ බවක්වත් පේන්න නෑ.

එයා ඩ්‍රයිවින් සීට් එකට ආවම මම එයාගෙ උරහිසෙන් ඔළුව තියාගත්තෙ කලින් සිද්ධිය මැවි මැවී පේද්දි. එයා දකුණු අතෙන් මගෙ අත අල්ලගෙන අනිත් අතෙන් ඩ්‍රයිව් කරේ.

කල්පනා කරද්දි හිතෙනව ඒක එයා මවපු එකක්ද කියලත්. ඒත් ඇයි එයා එහෙම කරන්නෙ. මට තේරෙන් නෑ.

ඔළුව පැලෙන්න තරම් රිදෙන හින්ද මං ඔළුව ඉස්සුවෙම නෑ. ගේ ළඟට ඇවිල්ලත් එයා මුකුත්ම නොකිය මාව උස්සගෙන කාමරේට ගියා. හීනෙන් වගේ ඔන්නිගෙ කටහඬ ඇහුනට මුකුත්ම තේරුනේ නෑ මට.

මම අමාරුවෙන් ඇස් ඇරියෙ ඇස් දෙක බොඳ වෙවී වටේ තියෙන ඒව අපැහැදිලිව පේද්දි. මගෙ අත කාගෙහරි අතක දැවටිලා තියෙනව කියල දැනුන නිසා මම ඔළුව හරවල ඒ දිහා බැලුවෙ. ජිමින් මගෙ අතත් අල්ලගෙන ඇඳට ඔළුව තියන් ඉන්නව. මට මොනව වුනාද කියල මතකයක් නෑ.

ජිමින්ගෙ අත හිමීට අයින් කරල නැගිටින්න හදද්දි මං දැක්කෙ මට එහා පැත්තෙන් නිදාගෙන ඉන්න ඔන්නිව. වම් අත පැත්තෙ ඔන්නියි දකුණු අත පැත්තෙ ජිමිනුයි. දෙන්න හරියට ඉන්නෙ මාව කාගෙන් හරි ආරක්ෂා කරන්න වගේ. මං ඇඳේ දඟලනව දැනිලද මන්ද දෙන්නම ඔළු ඉස්සුවෙ එකටමයි.

💛"යූනා.....නැගිට්ටද? දැන් කොහොමද? අමාරුවක් නෑනෙ..."

♥️"ම්ම්...අමාරුවක් නෑ ඔන්නි..."

ජිමින් නැගිටල මගෙ නළලට අත තියල එයාගෙ නළලටත් අත තියල බැලුව.

🖤"මට තේරෙන් නෑ...ඔයා බලනවද?"

ජිමින් මූණත් අමුතු කරගෙන ඔන්නි දිහා බැලුවෙ. ඔන්නි ඊට පස්සෙ මගෙ උණ කට්ට අරන් මගෙ කටේ එබුව.

💛"දැන් උණ බැහැල..."

🖤"එහෙනම් දැන් ප්‍රශ්නයක් නැහැනෙ..."

ඒ දෙන්න කතාබහ කරල ඉවර වුනාම ජිමින් මගෙ රූම් එකෙන් එළියට ගියෙ මං කටත් ඇරන් ඔන්නියි එයයි දිහා මාරුවෙන් මාරුවට බලද්දි.

God's Angle (Completed)Where stories live. Discover now