🌬️3

1.3K 252 63
                                    

එයා එක පාරටම එහෙම කිව්වම බිබී හිටපු අයිස් කැෆේ එක....සුරූස් ගාල විසි වුනා. මගෙ කටේ තිබ්බ කැෆේ එයාගෙ මූණ පුරා විසිරිලා. එයාගෙ ඇස් දිහා බලන්නත් බයයි මගෙ දිහා බලන් ඉන්නෙ ඇස් දෙක හොඳටම රතු කරන් කේන්තියෙන්. මං ඉක්මනට ටිෂූ අරන් එයාගෙ මූණ පිහ දැම්ම. එයා මුකුත් නොකර අත් දෙකත් පපුව හරහ බැඳන් ඇස් වහන් හිටිය. මූණ පිහ දාන අතරතුර මගෙ ඇඟිලි එයාගෙ තොල්වල වැදුන. ඒ සැනින්ම කරන්ට් වැදුන වගේ මං අයින් වුනා.

♥️"සමාවෙන්න වුන දේට..."

🖤"ඒකට කමක් නෑ. මං ඉස්සෙල්ල කියපු දේ ගැන මොකද්ද කියන්නෙ"

♥️"මං කොහොමද ඔයාලට මගෙ ගෙදර නවතින්න දෙන්නෙ. අනික ඇයි ඔයාලට මගෙ ගෙදර ඕනෙ. ඔයාලට ඉන්න තැනක් නැද්ද?"

🖤"තැනක් තියෙනව නම් තමුන්ගෙ ගෙදරට එන්න අහන්නෙ නෑනෙ"

🌾"අපිට ඉන්න තැනක් නෑ මිස්. මිස්ට පුළුවන් නම් අපිට මිස්ගෙ ගෙදර ඉන්න දෙන්න"

♥️"ඔයාලට පුළුවන්නෙ මිස්ටර් ජන්කුක්ගෙ ගෙදර නවතින්න"

🖤"අපිට නවතින්න ඕනෙ ඔයාගෙ ගෙදර. ඔයයි මගෙ සේවිකාව. මම නවතින්නෙ ඔයාගෙ ගෙදර"

♥️"මොකද්ද ඒ කතාවෙ තේරුම. මම කොහොමද ඔයාගෙ සේවිකාව වෙන්නෙ. මට සමාවෙන්න ඒත් ඔයාලට උදව් කරන්න විදිහක් මට නැහැ"

🌾"ඒත් මිස්..."

මං ඉක්මනට කාර් එකට නැගල එතනින් පිටත් වුනේ එයාලට මොනාද ඕනෙ කියල ඇත්තටම තේරුමක් නැති හින්ද. මොන විකාරයක්ද මගෙ ගෙදර ඉන්න අහන්නෙ. ඒ ගැන හිත හිතම යනකොට වැරදිලා මගෙ කාර් එක හැප්පුනේ ඉස්සරහ තිබුන කාර් එකේ.

♥️"ඉවරයි...අද මම ඉවරයි...."

ඉස්සරහ කාර් එකේ එක්කෙනා ඇවිත් ජනේලෙට තට්ටු කරනකන්ම මම හිටියෙ සුක්කානමට ඔළුව ගහගන්න ගමන්. මං ඉතින් ඔළුව උස්සල ශටර් එක පහත් කරා.

මගෙ කටත් ඇරුනෙ එතන හිටපු කෙනා දැකල. කිරි අප්පට බල්ලො පැනපි අද මගෙ වෙලාව හොඳයි.

♥️"මිස්ටර් ටේහ්‍යුන්..."

💜️"ඔව් ඔව් ටේහ්‍යුන් තමා..කෝ මගෙ කාර් එකේ අලාභෙ ගෙවන්නෙ නැද්ද?"

God's Angle (Completed)Where stories live. Discover now