🌬️22

1.2K 206 4
                                    

වසන්තයත් උදා වෙලා. මම තාමත් හිටපු තැනමයි ඔයා එනකන්.

කාලෙකට පස්සෙ වැඩ වලින් ටිකක් ඈත් වෙලා ලොකූ නිවාඩුවකුත් දාල මම ආවෙ තනියෙන් ඉන්න. ආවෙ නම් ජේජු දූපතට.

උදේම නැගිටල ඉර පායන්නත් කලින් මම බීච් එකට ආවෙ ඉර පායන ඒ ලස්සන මොහොත බලන්න.

රැල්ලට ටිකක් මෙහාට වෙන්න මම තැනක ඉඳගෙන ඔහේ මුහුද දිහා බලාගෙන හිටියෙ එයාගෙ මතකයනුත් අලුත් කරමින්.

ටිකෙන් ටික ඉරේ ආලෝකය එක්ක ලස්සන රටා අහස පුරා මැවෙද්දි මගෙ ළඟින්ම දැනුනෙ එයාගෙ උණුසුම.

🖤"බබා..."

ඔව්..ඒ ආදරණීය උණුසුම මං ළඟමයි. ඒ සරාගී කටහඬ මගෙ කන තුළ රැව් දෙනව. ඉතින් අන්තිමේදි එයා මං ළඟට ඇවිල්ල.

ඇස් වල කඳුලුත් පුරවගෙන මම එයාව බදාගත්තෙ. ටිකකින් මම එයාගෙ මුව පුරාම දෙතොල් අරන් ගියෙ පිස්සුවෙන් වගේ.

මේ රූපෙ , උණුසුම නැතුව මම මොනතරම් පාළුවකින් , මොන තරම් දුකකින්ද හිටියෙ. කියාගන්න තේරෙන්නෙ නෑ. මාව ගොළු වෙලා.

"ආයෙ යන්නෙ නැහැ නේද?..."

🖤"කවදාවත්ම නෑ.."

"ඒත්.."

🖤"ශ්ශ්ශ්...ප්‍රශ්න එපා. අද ඉඳන් මම ඔයා ළඟමයි"

එයා මගෙ දෙතොල් අයිති කරගත්තෙ මමත් ඒ දෙතොල් එක්ක දඟ කරද්දි.

කොච්චර දුරක ගියත් , කොච්චර කාලයක් ගියත් , කොච්චර දුක් වින්දත් , අවසානෙට එයා මං ළඟ. අපි අපි ළඟ.

ඉතින් මේ එයාගෙයි මගෙයි කතාවෙ ආරම්භය. මෙතනින් මම මේ කතාවට අවසානය තිබ්බට අපි දෙන්නගෙ ජීවිතේ ආදරණීයම කාලය ආරම්භ වෙන්නෙ දැන්.

ප්‍රශ්න එයි. අපිට අපිවම එපා වෙයි. රණ්ඩු කරයි. ඒත් ඒ හැමදේම එක්ක එයා ළඟම ඉන්න මම පොරොන්දු වෙලා ඉවරයි. මේ නිමාවක් නැති අපේ කතාව.....

God's Angle (Completed)Where stories live. Discover now