🌬️8

1.1K 239 60
                                    

🖤"ගුඩ් මෝනින් මයි බේබි"

මෙයාද මගෙ ක්ලයන්ට්. ඒක තමා එහෙනම් සෝවුක් අච්චර තැටමුවෙ.මොනව වුනත් උදේම දැක්කම මුළු හිතම පිරෙනව.

♥️"ගුඩ් මෝනින්...අපි මෙතන කතා කරනවද එහෙමත් නැත්නම් වෙන තැනක"

🖤"මෙතන හොඳයි.."

එයා කිව්වෙ මගෙ ඉස්සරහ තිබුන පුටුවෙ වාඩි වෙලා.

♥️"මුලින්ම මම පටන් ගන්නද?"

🖤"ඔයානෙ මට එන්න කිව්වෙ ඔයාම පටන්ගන්න"

හපෝ...තියෙන ලොකුකම

♥️"මට දැනගන්න ඕනෙ ඇයි ඔයා එදා අපේ ගෙදර නවතින්න ඇහුවෙ කියල"

🖤"මතකද මං කිව්ව මම දේව රාජ්‍යයෙ යුව රජු අස්ලාන් කියල"

♥️"හ්ම්...මතකයි. ඔයා ඒක එදා විහිළුවටනෙ කිව්වෙ"

🖤"ඒක විහිළුවක් නෙමේ. මං කියන්නෙ ඇත්ත. මං මෙහෙට ආවෙ පියාණන් දුන්න දඬුවමකට. ඒත් ඒ දඬුවම ඉවර කරල මෙහෙන් යන්න නම් මට ඔයා එක්ක ඔයාගෙ ගෙදර නවතින්නම වෙනව"

විශ්වාස කරන්න ගොඩක් අමාරු දෙයක් එයා කිව්ව වුනත් එයාගෙ ඇස්වල බොරු කියන පාටක් තිබුනෙ නැති නිසා මං අන්තිමට තීරණය කරා ඒ දේ විශ්වාස කරන්න.

♥️"ඒත් ඇයි මගෙ ගෙදර?"

🖤"මාත් ඒක හරියටම දන්නෙ නෑ. පියාණන් කිව්ව මට මෙහෙදි මගෙ උදව්කාරියව හම්බවෙයි කියල. ඒ කිව්ව වගේම ඔයාව මුණ ගැහුන දවසෙ මට දැනුන ඔයා තමා ඒ කෙනා. ඉතින් පියාණන් කිව්ව වගේම මට ඔයාගෙ ගෙදර නවතින්න වෙනව"

♥️"ඒත් මං ඔයාව කොහොමද විශ්වාස කරන්නෙ?"

🖤"බය වෙන්න එපා අපෙන් මුකුත් කරදරයක් වෙන්නෙ නෑ"

♥️"අපෙන්?"

🖤"ඔව්...මායි වොන්හෝයි"

♥️"වොන්හෝ කිව්වෙ ඔයාගෙ යාළුවද අර කියුට් කෙනා"

🖤"හ්ම්..."

♥️"හ්ම්..."

🖤"අපිට එහෙ නවතින්න පුළුවන්ද?"

♥️"මං ඒ ගැන තව හිතන්න ඕනෙ"

🖤"හිතන දෙයක් හිතල ඉක්මනටම දෙයක් කියන්න. කොහොම වුනත් ඔයාගෙ අන්තිම තීරණය විදිහට මට ඇහෙන්න ඕනෙ "ඔයාට අපේ ගෙදර ඉන්න පුළුවන් " කියල"

God's Angle (Completed)Where stories live. Discover now