🌬️5

1.2K 253 52
                                    

🖤"ඔහොම ඇස් බෝල කරන් බලන්න එපා...."

මගෙ මූණට වැටිල තිබ්බ කොණ්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙ රඳවන ගමන් එයා එහෙම කිව්වම මෙච්චර වෙලා නැවතිලා තිබ්බ හදවත ආයෙ වැඩ කරන්න ගත්ත.

දෙයියෝ සාක්කි.මේ මනුස්සය මට හාට් ඇටෑක් එක පාර දෙක තුනක් හදවල මරවන්නෙ. එක පාරට ඇවිත් කිස් කරල දැන් ඇස් දෙක දිහාම බලන් ඉන්නව. ඇයි දෙයියෝ මට මෙහෙම කරන්නෙ.

♥️"ඇ....ඇයි...මා...මාව...කිස් කරේ...?"

ශැක්...තිබ්බ පුරුෂ ශක්තිය ඔක්කොම දාලත් ඒක කියවුනේ ගොත ගහන ගමන්නෙ. විලි ලැජ්ජාවයි. හරිනෙ ඉතින් ගෑනියෙක් වෙච්ච මට කොහෙන්ද පුරුෂ ශක්තියක්. ඒක තමා අවුල වුනේ.

🖤"දැන්ද අහන්නෙ? කිස් කරනකොට ඒක අහන්න මතක් වුනේ නැද්ද?"

මේ මෝඩය අහන්නෙ පුදුම එකක්නෙ. මං කොහොමද එයා කිස් කරද්දි අහන්නෙ ඇයි ඔයා මාව කිස් කරන්නෙ කියල. ඒක අහන්න මෙයා මගෙ කට අත අරින්න එපැයි.
කට ඇරගන්න පුළුවන් වුන වෙලේ තමා මේ අහන්නෙ. මං ඉතින් ඒක කියන්න ගියෙ නෑ. ගොනා වගේ බිමත් බලාගෙන නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුව.

🖤"ඒ පාර මොකද ගොළු වෙලාද?"

ගොළු නෙමේ තව ටික වෙලාවක් යද්දි අන්ධත් වෙයි මං ඔහොම බලාගෙන හිටියොත්. ඇයි ඒක මෙයාට තේරෙන්නෙ නැත්තෙ.

පුටුවට බර වෙලා මගෙ මූණටම ඇස් දෙක රඳවගෙන ඉන්නෙ එයා. එයාගෙ මූණ තියෙන්නෙ සෙන්ටිමීටර් දෙකක් විතර ඈතින්. එයාගෙ හුස්ම මගෙ කම්මුල් රත් කරනව. එයාගෙ ලිප්ස්..... දකිනකොට කිස් කරන්නමයි හිතෙන්නෙ. මගෙ හිත තේරිලාද මන්ද බලාගෙන ඉද්දිම එයා හිනාවුනේ කට කොණකින්.

මාත් ඉතින් ඕනෙ නැති වෙලාවෙ එක එක විකාර හිතනවනෙ.

🖤"මොකෝ තව කිස් එකක් ඕනෙද?"

මං එක පාරට පුටුවෙන් නැගිට්ටෙ එයාවත් තල්ලු කරගෙන. එයාට නම් ගානක් නෑ. එයා මගෙ මේසෙට බර වෙලා පපුව මැද්දෙන් අත් දෙකත් බැඳගෙන මගෙ දිහාම බලන් ඉන්නව.

♥️"මට කියන්න ඇයි ඔයා මාව කිස් කරේ කියල..."

🖤"කිස් කරේ මට ඕනෙ හින්ද.."

God's Angle (Completed)Where stories live. Discover now