🌬️14

1K 223 21
                                    

Jimin pov

මගෙ පිස්සු කෝලමව ගෙදර තියල මං ආවෙ ජන්කුක්ලගෙ ගෙදරට. මං යන යන තැන වොන්හෝත් එන හින්ද මෙතන්ටත් එයා ආව. ඒ ගෙදර යතුරක් අපි ගාව තිබ්බ හින්ද අපි කෙලින්ම ගේ ඇතුළට ගියා.

යනකොට මෙන්න ජන්කුක් යූනගෙ චාහි ඔන්නි වගේ කෙනෙක්ව මේක දාගෙන කිස් කරනව. අපි එනකොටත් ගෙදර හිටපු කෙනා මෙතන්ට ආවෙ ඉගිල්ලිලාද? මං එහෙම හිතන ගමන් දෙන්නවම පැත්තකට කරා. ඒ විසිවුන පාර ජන්කුක් කෑම මේසෙ , චාහි ටීවි එක ළඟ.

වොන්හෝ නම් පණ යන්න බඩත් අල්ලන් හිනා වෙනව. මං හිනාව තද කරන් හිටියෙ නපුරු මූණක් හදන්. ටිකකින් දෙන්න පස්සවලුත් අත ගගා වැටුන තැන්වලින් නැගිට්ට.

ඒ අතරෙ මං බලාගෙන ඉද්දිම චාහිගෙ මූණ සැරෙන් සැරේ වෙනස් වුනා. නෑ කොහොමත් මේ ඇත්ත චාහි නෙමේ. ඒකනෙ මට චාහිගෙ මූණ ඇතුළෙ යූනගෙ ex ගෙ මූණ පේන්නෙ.

පේන විදිහට යූන ඉස්සර ඉඳන්ම සම්බන්ධ වෙලා ඉඳල තියෙන්නෙ මිනිස්සු එක්ක නෙමේ. ඒකටත් මොකක් හරි හේතුවක් ඇති.

මං මගෙ බලයක් පාවිච්චි කරල exගෙන් චාහිගෙ රූපෙ අයින් කරා. ඔය ඉන්නෙ දිය සෙවලය වගේ. මිනිහව දැක්ක විතරයි ජන්කුක් ඉන්නෙ නිකන් පණුවෙක් පළවෙනි වතාවට ඉර දැක්ක වගේ ඇස් දෙකත් ලොකු කරගෙන. ටික වෙලාවකින් මේන් කොල්ල තොල් දෙක අතුල්ලනව.

Ex තාම ඉන්නව හිටපු තැනම. ගල් වෙලා. මගේ බලය හින්ද මිනිහට හෙල්ලෙන්නවත් බෑ.

🖤"දැන් ජන්කුක් ඔයා හිතන් ඉන්නෙ ඔතන්ට වෙලා හැමදාම තොල් පිහ පිහ ඉන්නද?..."

💚"නෑහ්..."

ඊළඟට තිබ්බෙ ප්‍රශ්න විචාරාත්මක වටය. මායි කුක්‍කයි දෙන්න මිනිහගෙන් එක දිගට ප්‍රශ්න ඇහුව. මිනිහ දැන් ගල් වෙලා නෑ කට වැඩ.

මේ ගොබ්බයත් දේව රාජ්‍යයෙ සේවකයෙක්. ඒරිස්ටලු වැඩ කරන්නෙ. කොහොමත් ඉතින් ඒරිස් ගෑවුන තැන මොකක් හරි ඔය වගේ සෙවල වැඩක් ඇරෙන්න හොඳ වැඩක් නෑනෙ. ඒත් හිතාගන්න බෑ තාම මේකා මොකාටද ලෑස්ති වෙන්නෙ කියල.

කොහොමහරි ගන්න ඕනෙ දේවල් ඔක්කොම ගත්තට පස්සෙ අපි ex ව යැව්ව. දුකට කාරණාව මිනිහට ආයෙ කවදාවත් කතා කරන්න බැරි එක. මං කරන කිසිම දෙයක් කිසිම කෙනෙක්ට ආයෙ නැතිකරන්න බෑ. ඒ හින්ද ඉතින් ex හැමදාම කටහඬ නැතුව ඉඳී මොකද මට ඒ බන්ධනය අයින් කරන්න කවදාවත් අදහසක් එන්නෙ නැති නිසා.

God's Angle (Completed)Where stories live. Discover now