🌬️13

1K 220 37
                                    

හාට් එක මදිවට ඇහි පිහාටුත් හයියෙන් ගැහෙද්දි එයා කට කොණින් හිනාවෙලා මගෙ එහා පැත්තෙන් ඇලවුනා...

🖤"මොනාද දැන් අහන්න තියෙන්නෙ...?"

❤️"ආහ්..මේ..අද වුන දේ..ඒක ඔයාද කරේ..?"

🖤"මොකද්ද කියන්නෙ..?"

❤️"නෑ මං මේ ඇහුවෙ..."

🖤"මං මොකටද ඔයාට ඒ වගේ දෙයක් කරන්නෙ..."

❤️"නෑ ඉතින්...ඔයාට පුළුවන්නෙ ඒ මගේ මැජික් වැඩ. ඒකයි අනේ ඇහුවෙ..."

🖤"මැජික් වැඩ කෙරුවට ඒ වගේ දෙයක් ඔයාට කරන්න මට බෑ..."

❤️"ඇයි කලින් කරේ..."

🖤"දැන් බෑ..."

එයා කිව්වෙ ටිකක් විතරක් තරහින් වගේ සැර කරල.

❤️"හරි එතකොට කවුද ඒක කරන්න ඇත්තෙ..."

🖤"ඒරිස්..."

ඒරිස්...ඒ මොකාද අනේ ඒ. අදමයි ඇහුවෙත්. එයත් තව දෙයියෙක්ද දන්නෙ නෑ මෙයා වගේ.

❤️"කවුද ඒ..."

🖤"නෑදෑකමට මල්ලි..."

❤️"ආහ්..මල්ලි. ඇයි නෑදෑකමට මල්ලි කිව්වෙ.."

🖤"එයා මගෙ පියාණන්ගෙ දෙවෙනි විවාහයෙ දරුවෙක්..."

❤️"ආහ්..."

ඒ කියන්නෙ දෙයියන්ගෙ ලෝකෙත් ඩිවෝස් වෙලා ආයෙ බඳිනව නෙ. බලාගෙන ගියාම මෙහෙයි එහෙයි දෙකම එකයිනෙ. වෙනසකට තියෙන්නෙ දෙයියන්ගෙ මැජික් වැඩ විතරයි.

🖤"මොනාද කල්පනා කරන්නෙ..."

එයා හිටියෙ මගෙ මූණටම එබිල. මං කල්පනාවෙ හිටිය නිසා ළඟට ආව කියලවත් දැක්කෙ නෑ.

❤️"මුකුත් නෑ..."

🖤"තව ප්‍රශ්න නැද්ද..?"

❤️"ම්ම්හු...නෑනෙ..."

මං කිව්වෙ හුරතලේට තොලත් චුට්ටක් උල් කරන්.

ඔන්නි ගාව විතරක් හුරතල් වුන මං දැන් එයා ළඟත් හුරතල් වෙන්න පටන් අරගෙන.

එයා මගෙ දිහා බලාගෙන හිටියෙ දිලිසෙන ඇස් වලින්. එක්කො මගෙ ඇස් වල දෝෂයක් නැත්නම් එයාගෙ ඇස්වලට ලයිට් දාල.

God's Angle (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon