🌬️21

995 195 2
                                    

"Congratulations Noonaa.."

ජීසු සෝවුක් දෙන්නම මගෙ කන ළඟටම වෙලා කෑගැහුවෙ එකටමයි.

අද මම අලුත් තැනක ලොකු ක්ලිනික් එකක් ඕපන් කරා. ඒ මගෙයි සෝවුක්ගෙයි ජීසුගෙයි මහන්සියෙන්. දැන් මෙතන අපිත් එක්ක තව physiologist පස්දෙනෙක් එක්ක සුළු සේවකයන් දහ දෙනෙක් විතර වැඩ කරනව.

මේක මට තිබ්බ ලොකු හීනයක්. අවුරුද්දක විතර මහන්සියක ප්‍රතිඵලය තමා මේ.

ඔව්..එයා ගිහින් දැන් අවුරුද්දකුත් ගත වෙලා. ජන්කුක් ටේ දෙන්න ආවත් එයයි ඔන්නියි නම් ආවෙ නෑ. මගෙ ක්ලිනික් එක ඕපනින් එකට ආරාධිත අමුත්තො විදිහට ආවෙත් ජන්කුක් ටේ දෙන්න තමා.

ඒ වගේම ඒ දෙන්න මේ හැමදේටම මගෙ ළඟින්ම ඉඳන් උදව් කරේ මගේම සහෝදරයො දෙන්නෙක් වගේ.

මේ විශාල ලෝකෙ ඇතුළෙ මට මගේ කියන අය හිටියෙ ටික දෙනයි. ඉතින් ඒ ටික දෙනාව මට මහමෙරක් තරම් වටිනව.

💚"යූනා.."

දුර ඈත කල්පනාවක හිටපු මං ගැස්සුනේ ජන්කුක්ගෙ කටහඬට.

"ජන්කුක්.."

💚"මොනවද ඔච්චර කල්පනා කරන්නෙ..? ජිමින් ගැනද?.."

"හ්ම්..ඔව් ඉතින් මං වෙන කාගැන කල්පනා කරන්නද?.."

💚"අස්ලාන්ට ඉක්මනට එන්න පුළුවන් වෙයි. ඔහු යුවරජු නිසා වගකීම් වැඩී .."

"හ්ම්..මට තේරෙනව. ඔන්නිටයි ඔයාටයි දැන් එක් වෙන්න පුළුවන්ද ජන්කුක්.."

💚"නැහැ..අපිට තාම ඒකට අවසරය ලැබිල නෑ. ඒකනෙ මම මෙහෙ තනියෙන් ඉන්නෙ. අඩුම තරමෙ දුරින් ඉඳන් බලන්නවත් එයා මගෙ ළඟ නෑ"

ජන්කුක්ගෙ කටහඬත් බිඳිල ගියෙ ඔහුටත් නොදැනීම. ඒ ඇස්වල යාන්තමට කඳුලු වලින් වැසී ගිහින් කියල මම දැක්කෙ අහම්බෙන්. ඒ තරම් ආදරයක්.

ඔන්නි ඇත්තටම වාසනාවන්තයි මේ තරම් ආදරේ කරන පිරිමියෙක් ලබන්න. ජන්කුක්ගෙ හිත සනසන අටියෙන් මම ඔහුව බදාගත්තෙ.

වෙනස් කාරණා දෙකක් වුනත් ආදරය කරන කෙනාගෙන් ඈත් වෙලා අපි දෙන්නම විඳින්නෙ එකම දුක. ඉතින් අපිට අපිව නොතේරෙන්නෙ නෑ.

God's Angle (Completed)Where stories live. Discover now