🌬️20

942 195 8
                                    

ටික වෙලාවක් පපුව උඩ ඉඳල එයා එබුනෙ මගෙ දෑස් වලට.

🖤"බබා.."

"ම්ම්...."

🖤"මට අද මෙහෙන් යන්න වෙනව.."

එයාගෙ ඒ වචන ඇහෙනවත් එක්කම මට එකපාරටම දැනුනෙ ඔළුව උඩ අකුණු හත අටක් පිපුරුනා වගේ. හදවතත් එක්කම රිදෙන්න ගද්දි යටි තොලත් හපාගෙන මම උත්සාහ කරේ ගලන්න දඟලන කඳුලු හංගගන්න. ඒත් මට ඒ තරම් ශක්තියක් නොවෙද්දි මට ඉකි ගැහුනෙ එයාගෙ දෑසුත් ගැස්සෙද්දි.

මගේ නළලට දෙතොල තද කරන ගමන්ම මාව හයියෙන් බදාගෙන එයාගෙ ඇඟ උඩට ගත්තෙ ඇඳේ අනෙක් පැත්තට පෙරලිලා.

🖤"බබාහ්.."

මගෙ පිට පිරුමදිමින් එයා කෙඳිරුවෙ.

"ඔයාට යන්නම ඕනෙද?..."

මම අමාරුවෙන් ඇහුවෙ ඉකිය අතරින්මයි.

🖤"මට යන්නම වෙනව මැණික..ඒත් මං ආයෙ ඉක්මනට එන්නම්.."

"ප්‍රොමිස්..?"

🖤"ඔව් රත්තරන් මං පොරොන්දු වෙනව ආයෙ මේ පපුවට තුරුලු වෙන්න මම එනව කියල. මගෙ බබා එතකන් ඉන්නව නේද?.."

"හ්ම්..මං ඉන්නම්."

ඔව්..මම අවසානයෙදි එයාට යන්න දෙන්න හිත හදාගත්ත. ඒ එයාගෙ පොරොන්දුව එක්ක. මට මටත් වඩා එයාව විශ්වාසයි. අනිවාර්යයෙන්ම කවදහරි දවසක එයා මගෙ ළඟට එයි. මං එතකන් ඉන්නව. අවුරුදු සීයක් ගියත්...

ඉකි ගැහුන පපුවයි ඇස් තෙමපු කඳුලුයි හිමි හිමින් නතර වෙද්දි එයා මගෙ වතම හාදු වලින් නෑව්වෙ ලෝබකමින් වගේ. ඒ ඇස් වල කියවන්නෙ ඒ ආදරය.

ටීවි එකත් වහල එයා මාව දෝතර අරගෙන කාමරයට ඇවිත් ඇඳ උඩින් තිබ්බෙ සීරුවට. ඊට පස්සෙ නිරුවත් පපුවට ඔළුව තියාගෙන මාව බදාගත්තෙ පොඩි එකෙක් වගේ.

මම ඒ සිනිදු හිසකෙස් අතර අතැඟිලි රැගෙන යද්දි එයාට ඒ සනීපෙටම නින්ද ගියා. මමත් ඒ ඔළුව සිපගෙන නින්දට වැටුනෙ හෙට උදේ වෙද්දි එයා මං ළඟ නෑ නේද කියල ආයෙත් මතක් වෙද්දි.

උදේ මම ඇහැරුනේ පපුවට දැනුන උණුසුම නැතුව. දන්නව එයා ගිහින් කියල. ආයෙත් උණපු කඳුලු පිහදාගෙන මම ක්ලිනික් එකට යන්න ලෑස්ති උනේ.

God's Angle (Completed)Where stories live. Discover now