🌬️7

1.2K 244 64
                                    

මම හැරිල බලනකොට.....

ඒ හිටියෙ මගෙ මල්ලි ඒරිස්. එයාගෙ අම්ම එක්ක මොන ප්‍රශ්න තිබ්බත් අපි දෙන්න අතර නම් එහෙම මුකුත් තරහක් තිබුනෙ නෑ.තරහක් නොතිබුනාට වැඩිය ඇයි හොඳයියකුත් නෑ. ඒත් ඒරිස් මෙහාට එන්න කිසිම හේතුවක් නෑ. මෙයා මෙහෙ මොනව කරනවද?

💙"අයියෙ...." (දෙවිවරු තවත් දෙවිවරුන්ට කතා කරන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ මොකද මං දෙයියෙක් නෙමේ)

🖤"ඔබ කුමක්ද මෙහෙ කරන්නෙ ඒරිස්"

💙"පියාණන් පැවසුවා ඔබගේ ආරක්ෂාවට මෙහි එන ලෙස"

🖤"මගෙ මොනව ආරක්ෂා කරන්නද? පියාණන්ට අමතක වෙලාද මම දේව රාජ්‍යයෙ ඊළඟ පාලකයා බව"

💙"ඒ ගැන මම දන්නෙ නෑ. මම කරේ පියාණන් කියපු දේ"

🖤"හ්ම්ම්..."

ළඟකදි ඉඳන් පියාණන් කරන කියන දේවල් ගැන මට හිතාගන්න බෑ. මාව මෙහාට එව්ව , ඒකත් වෙන අරමුණකට. දැන් ඒරිස්ව මෙහාට එවල.

💚"ජිමින් අරයගෙන් කෝල් එකක්.."

💙"ජිමින්?....ඒකද අස්ලාන් මෙහෙ පාවිච්චි කරන නම"

💚"ආහ්...ඔව්...ජිමින් එන්නකො"

මට ඒරිස් එක්ක ප්‍රශ්නයක් තිබ්බෙ නැති වුනාට පොසෙයිඩන් සියුස් දෙන්න නම් හිටියෙ එයත් එක්ක පුදුම තරහකින්. මොකද එයාලගෙ අම්මල දෙන්නවයි මගෙ අම්මවයි මරන්න ඒරිස්ගෙ අම්ම දායක වුනා කියල ඒ දෙන්න හිතන්නෙ.(ළමයි දෙවිවරු සදාකාලිකව ජීවත් වෙනවද දන්නෙ නෑ. ඒත් මේ කතාවෙ එහෙම නෑ හොඳේ. ඒ ගැන මම කතාව එක්කම පැහැදිලි කිරීමක් කරන්නම්)

ඒ නිසා සියුස් ඒරිස්ව පේන්නෙවත් නැති තැනකට මාව එක්කන් ගිහින් ෆෝන් එක දුන්නෙ.

🖤"කවුද?.."

💚"කතා කරල බලන්නකො.."

🖤"හෙලෝ..."

♥️"ජිමින්..මේ මම"

🖤"කියන්න..."

♥️"මට ඔයාව මීට් වෙන්න ඕනෙ"

🖤"ලබන සතියෙ සඳුද මං ක්ලිනික් එකට එන්නම්. හරියට වෙලාවක් කියන්න බෑ ඒ හින්ද ක්ලිනික් එකටම වෙලා ඉන්නව"

God's Angle (Completed)Where stories live. Discover now