🌬️11

1.1K 240 18
                                    

🖤"බෑ දැන් මට සීතලයි..."

මොකක්? මේ මනුස්සය මොනව කියනවද මන්ද. සීතලයි නම් ඇඳුමක් දාගන්න එපැයි.

♥️"ඉතින් මාව අත ඇරල ගිහින් ඇඳුමක් දාගන්න"

🖤"මෙහෙම ඔයා මගෙ ළඟ ඉන්නකො බබා..එතකොට හරියයි"

ජිමින් මූණ ළඟටම වෙලා කියද්දි මම ටිකක් පස්සට වුනත් එයා මාව තද කරල බදාගත්ත.

♥️"ජි...ජි..මින්...මට යන්න දෙන්නකො"

🖤"ඇයි බබා..මෙහෙම චුට්ටක් ඉන්නකො"

මෙයා බබා කියන විදිහට හාට් එක හෙල්ලිලාම යනව. දෙයියන්ට මෙච්චර ආදරණීය වෙන්න පුළුවන් කියල දන්නෙ අදයි. එහෙම වෙන්න එපැයි නේ එයාලත් අපි වගේම මැරි කරල බබාල හදනවනෙ.

මං ජිමින්ගෙ තුරුලට වෙලා ඔහේ කල්පනා කර කර හිටිය. මෙයා හෙල්ලෙන්නෙවත් නෑ ගල් වෙලාද.

♥️"ජිමින්..."

🖤"ම්ම්ම්...." ගල් වෙලා නෑ තාම ඉන්නව හොඳට

♥️"දැන්වත් අත අරිනවද මාව...."

🖤"හ්ම්ම්....."

බකමූණ වගේ හ්ම් කියන ගමන් එයා මාව එයාගෙ තුරුලෙන් අයින් කරා. ඒත් ඒ සැනින්ම එයා දෙතොල් තද කරේ මගෙ නළලට. ඒ පහසත් එක්ක මගෙ ඇස් ඉබේටම පියවුනා. ඒ තරම් ආදරණීය හාදුවක් මට කාගෙන්වත් ලැබිල නෑ . නොකිව්වට ඒ ආදරේ මට හොඳටම දැනුන.

එයා මාව ඈත් කරපු ගමන්ම මම දිව්වෙ ඔන්නි ගාවට.

💛"මොනාද ළමයො මෙච්චර වෙලා කරේ..."

♥️"මුකුත් නෑ.."

💛"එහෙනම් මොකද මේ මූණත් රතු වෙලා"

♥️"එහෙම මුකුත් නෑ..."

මං කිව්වෙ කම්මුල් අත ගාන ගමන්. හරියට කම්මුල් වල රතු පාට යවන්න වගේ.ඔන්නිට නම් වැඩේ තේරිලා වගේ මං දිහා අමුතු හිනාවක් දැම්ම. මාත් හිටිය මුකුත් දන්නෙ නැති පොඩි එකා වගේ.

💛"හරි හරි මං හිතාගන්නම්කො මුකුත් නෑ කියල...ජන්කුක් ගැන ඇහුවද?"

♥️"ජන්කුක් කාවවත් මැරි කරල නෑ කියල එයත් කිව්ව"

💛"එතකොට එදා ගත්ත වෙඩින් එක...?"

God's Angle (Completed)Where stories live. Discover now