🌬️10

1.3K 238 135
                                    

ඉන වටේ අත දාල එයාව තව ටිකක් ඇඟට තද කරගන්න ගමන් මං බැලුවෙ ඒ රෝස ලිප්ස් දිහා....

ඒ ලිප්ස් වලට හාදුවක් දෙන්න හිතුනත් කෙල්ලගෙ කම්මුලකට කිස් එකක් දීල මං චුට්ටක් පස්සට වුනා.

🖤"ඒයි මේ ඇස් අරිනව. ඇස් වහන් ඉන්නෙ..."

මං කෙල්ලගෙ ඔළුවට තට්ටුවක් දාල කිව්වම කෙල්ල මගෙ ඔඩොක්කුවෙන් බැහැල දිව්වෙ එක පිම්මට. මහ පිස්සු කෙල්ලෙක්.

ආයෙත් මං පොතට අවධානය දෙද්දි මට ඇහුනෙ කාගෙහරි කටහඬක්. ඒක මගෙ ඔළුව ඇතුළෙන් ආව සද්දයක් වගේ.

"ඔබේ හිමිකාරිය සොයාගන්න..."

ඒ කටහඬ කිව්වෙ එහෙම. ඒක මගෙ පියාණන්ගෙ කටහඬ වගේමයි. සමහරවිට ඔහු මට ඒ පණිවිඩය ලබා දෙන්න ඇති. ඒත් කවුද මගෙ හිමිකාරිය. පියාණන් හැමවෙලේම මාව පටලවනව. පෘථිවියට එව්වෙ අර කොහෙවත් යන දේවතාවියක් හින්ද. දැන් මං මෙහෙ මගෙ හිමිකාරි හොයන්න ඕනෙද? දෙවියෙකුයි මනුස්සයෙකුයි කොහොමද ආදරය කරන්නෙ? අහසයි පොළවයි වගේනෙ. කිසිම විදිහකින් වෙන්න බැරි දෙයක්. ඒත් ඉතින් කවදාවත් මිනිස්සුන්ට ළං වෙන්නෙ නෑ කියල හිතපු මාත් යූනට ගොඩක් ළං වෙලා ඉන්නෙ. මේ ලෝකෙ මොනාද වෙන්න බැරි.

මගෙ හිමිකාරිව හොයාගන්නෙ කොහොමද දන්නෙ නෑ. එයාව හම්බවුනාම මට යූන ළඟදි දැනෙන දේම දැනෙයිද? පියාණනුත් ඒව ගැන කිසිම පැහැදිලි කිරිමක් නැතුව එක වාක්‍යයෙන් ඉවර කරානෙ.

වෙලාවකට හිතෙනව යූනද කියලත්. අනේ මන්ද....

________________

Yuna's pov

💛"යූනා..."

♥️"ඕඕ...කියන්න ඔන්නි.."

මගෙ කාමරේට වෙලා සිංදුවක් අහ අහ ඉද්දි ඔන්නි ආවෙ මගෙ ළඟට..

💛"අර කොල්ල ගොඩක් ලස්සනයිනෙ...."

♥️"මොන කොල්ලද?..."

💛"අර කොල්ල අනේ...."

♥️"අර කොල්ල කියන්නෙ මොන කොල්ලද? දැන් මේ ගෙදර කොල්ලො දෙන්නෙක් ඉන්නවනෙ"

💛"ඔයාගෙ එක්කෙනා නම් නෙමේ අනිත් එක්කෙනා.."

♥️"ආහ්...වොන්හෝද?"

God's Angle (Completed)Where stories live. Discover now