🌬️17

1K 207 10
                                    

❤️"ආව්.."

එයාගෙ අත එන්න එන්නම තද වෙද්දි මට ඉබේටම කියවුනේ වේදනාව ඉවසන්නම බැරි තැන.

මගේ කටහඬත් එක්ක මෙච්චර වෙලා අර පිරිමි ළමයට රවන් හිටපු එයා මගෙ දිහා බලල අත ටිකක් ලිහිල් කරා. ඒත් මාව අත ඇරියෙ නැත්තෙ හරියට ඒ පිරිමි ළමය මාව ඇදන් යයි වගේ.

🖤"මෙතන මොකද...?"

💙"විශේෂයක් නැහැ අස්ලාන්.."

🖤"ඔබ මට නමින් අමතන්නෙ කෙලෙසද? අමතකද මා යුව රජු බව..."

💙"පියාණන් මා හට පූර්ණ අයිතිය ලබා දී තිබෙන්නෙ ඔබට නමින් අමතන්න..."

🖤"හහ්..."

දෙන්න කතා වෙන දේවල් වලින් නම් මට තේරුනේ ඒ පිරිමි ළමය එයාගෙ මල්ලි කියල. කොහොම වුනත් එයා මෙච්චර එයාගෙ මල්ලි එක්ක කේන්ති ගන්න එක නම් හොඳ දෙයක් නෙමේ.

🖤"අපි යමු..."

එයාව මාවත් ඇදගෙන ගිහින් කාර් එකට දාල දොර වැහුවෙ මහ සද්දෙට. එයාට එච්චර කේන්ති ගිහිල්ලද? ඒත් ඇයි...?

එයාගෙ මූණ බලන්නත් බැරි තරම් කේන්තියෙන් පිරිල. මෙයා මෙච්චර කේන්තියෙන් ඉන්නව දකින පළවෙනි වතාව මේ. පොඩි කාලෙ ඉඳන්ම මගෙ ජීවිතේ පිරිමි ඉඳල නැති නිසා ජිමින්ව මෙහෙම දකිනකොට මට බය හිතෙනව.

මම සද්ද නොකරම සීට් එකට ඔළුවත් තියන් හිටිය. කොයි වෙලේද දන්නෙ නෑ මට නින්ද ගිහින්. එයා මාව දෝතට ගන්නව දැනිල මං ඇහැරුනේ...

🖤"නිදාගන්න බබා..."

එයා කියද්දි එයාගෙ බෙල්ල වටේ අත් දෙකත් දාගෙන මම එයාගෙ පපුවට ඔළුව තියන් නිදාගත්තා.

මං ඇහැරුනේ පැය දෙකකට විතර පස්සෙ. ඒ වෙනකොටත් එයා මගෙ එහා පැත්තට වෙලා මූවි එකක් බලනව. මං නැගිට්ට කියල දැනිලද කොහෙද එයා මගෙ දිහා බැලුව.

🖤"නැගිට්ටද..."

මං ඔළුව වැනුව. එයා මගෙ කොණ්ඩෙත් අවුල් කරල හිනාවුනේ.

🖤"නිදි බබෙක්නේ..චුට්ට ඇත්නම් නිදි. ආයෙ එහෙම මගෙ ඉස්සරහ නිදියන්නෙ නෑ..."

❤️"ඒ මොකෝ.."

🖤"උස්සන් යන්න හිතෙයි මට.."

God's Angle (Completed)Where stories live. Discover now