🌬️15

1K 205 14
                                    

Yuna's pov

උදේ පුරුදු වෙලාවටම කන ළඟ එලාම් එක වදිද්දි ඒක ඕෆ් කරන්න මම අත පත ගෑවෙ ෆොන් එක තිබුන තැන.ඒත් හොයාගන්නම බෑ. නින්දෙන්ම වටේම අත යව යව හෙව්වෙ ෆෝන් එක.

ඒත් ෆෝන් එක වෙනුවට අහුවුනේ කාගෙහරි අතක්. එදා වුනා වගේ මැරිච්ච කෙනෙක්ගෙ අතක්වත් දෝ කියල හිත හිත මං ටේබල් ලෑම්ප් එක දැම්මෙ.

මං දිහා බලන් ඉන්න ඒ රුව දැක්කම තමා මගෙ හුස්ම පහළට වැටුනෙ.

ඒ අස්සෙ තාම එලාම් එක වදිනව. ඒත් ටිකකින් ඒක ඕෆ් වුනේ ඒකටම ඇති වෙලාද කොහෙද.

ඇස් දෙකත් අඩවන් කරගෙන එයා ඇඳ විට්ටමට හේත්තු වෙලා මං දිහා බලන් ඉන්නෙ. ඒ බැල්මට උදේ පාන්දරම ඇඟ හිරි වැටිල යනව.

❤️"ඔයා මොකද මෙතන කරන්නෙ.."

හීනයක් දකිනවද දන්නෙ නැති හින්ද මං ඇස් දෙක පොඩි කරල කොනිත්තගෙනත් බැලුව. හීනයක් වෙන්න බෑ එයා ඇත්තටම මං ළඟ.

🖤"ඊයෙ රෑ නින්ද ගියෙ නෑ. ඒකයි ආවෙ..."

❤️"එතකොට තනියමද ආවෙ..?"

එයා ඔව් කියල අඟවන්න ඔළුව වනනව. ඒ මහ රෑ ඇයි මාව හොයන් ආවෙ..? අනික දොරවලුත් ඇරන්..

❤️"ඒත් ඇයි රෑ ආවෙ..උදේ වෙලා එන්න තිබ්බනෙ.."

🖤"ඔයා ළඟ ඉන්න ඕනෙ වුනා. බබා නැතුව ඊයෙ නින්ද ගියෙ නෑ"

අනේ...ඇත්තටමද? ඇත්ත වෙන්න ඇති දෙවිවරු බොරු කියන්නෙ නෑනෙ.

❤️"එහෙමයි කියල මෙහෙම ඇවිත් හරියනවද ම්ම්..."

🖤"ඇයි..?"

❤️"මුකුත් නෑ..."

එයා මාව ඇදල අරගෙන තුරුලු කරගත්තෙ ඒ අතරෙ. එයා මගෙ නළලට සීතලට දෙතොල් තිබ්බ.

පුරුද්දක්ම වෙලා දැන් ඒක එයාට. හැමවෙලේම මගෙ නළල ඉඹිනව. ඒකෙන් ඉතින් එයා ගැන තියෙන ආදරේ තව වැඩි වෙනව මිසක් අඩුවක් නම් නෑ.

මාව ඒ තුරුලෙම තියාගෙන එයා සෑහෙන වෙලාවක් හිටිය. එයාගෙ උණුසුමට මට ආයෙත් නින්ද ගියා. නැගිටිනකොට උදේ දහයත් පහුවෙලා. එයා නැගිටල හිටියට තාම මාව තුරුල් කරගෙන හිටියෙ. හරියට එයාගෙ උණුසුම නැති වුනාම මං ඇහෙරෙයි කියල බයේ වගේ.

God's Angle (Completed)Where stories live. Discover now