~ 1 ~

844 96 23
                                    

මාළිගය පුරා පැතිර යන මධුර මනෝහර කිංකිණි නාදයකි. එනදෙහි උත්පත්ති ස්ථානය ඈ පැළඳි පාසළඹයි. කුඩා කල සිටම කෙළිලොල් දඟකාරකම්වලින්ම යුතු වූ ඈ දැන් තරුණ වියට පා තබා තිබුනද, ඇගේ දඟකාරකම් වල නම් කිසිඳු අඩුවක් පෙනෙන්නට නැත.

ඈ මේ මාළිගය පුරා දිවයන්නේ ඇගේ සුරතලුන් දෙදෙනාව සොයමින්ය. මහීසේනා කුමරිය පිළිබඳ මාළිගයේ තතු දත් සියල්ලන් ඇයට මේ සුරතලුන් පණ මෙන් වටිනා බව හොඳින්ම දැනුවත්ය. මෙලොව එළිය දැක නොබෝ කලකින්ම මෑණියන් රෝගාතුරව මියගිය බැවින් මවු සෙනෙහස අහිමි වූ පුංචි කුමරියගේ පාලු මකන්නට සිටියේ මේ සුරතලුන් දෙදෙනාය.

ඒ දෙදෙනා ඇගේ සත්හැවිරිදි උපන්දිනය දා ඈ පියාණන්ගෙන් ලද ත්‍යාගයකි. එදා පුංචි කුමරිය සතුට වැඩිකමට පියාණන්ව වැලඳ ගෙන ප්‍රීතියෙන් උඩ පැන්නාය. විගස නම් තැබීමද ඇවිසින්ම සිදු කළාය.මේ සුරතල් පුංචි හා පැටවුන් දෙදෙනාගෙන් එකෙක් මුලුමනින්ම කාල වර්ණයෙන්ද, අනිකා මුලුමනින්ම ධවල වර්ණයෙන්ද යුතු වූ බැවින් ඈ පිය රජුට පවසා සිටියේ,

" පියාණනි... ඔවුන්ගේ නම් තමයි ධවලසේන හා කාලසේන.හී... හොඳයිද පියාණනි ? එවිට පියාණන් සීහසේන... ධවලසේන, කාලසේන, සීහසේන... මගේ ලෝකයේ මට වටිනාම අය... "

තමාගේද මුලු ලෝකයම වූ මේ පුංචි දඟකාරියගේ වදන් වලින් නෙත් තෙත්වූ පියාණන් ඇගේ හිස මෘදුව අතගා සිප ගත්තේය.

" දියණිය හරිම දක්ෂයි... ඒ නම් ඔවුන්ට කදිමට ගැලපෙනවා... නමුත් අපි ' සේන ' යන්න ඔවුන්ගේ නම් වලින් ඉවත් කරමු නේද ? නැතිනම් ඔවුනුත් සේන රජ පරම්පරාවට අයත් යැයි කවුරුන් හෝ සිතාවි. "

" ඉහිම්... එසේද පියාණනි.. නමුත් ඔවුන් තමා අද සිට මගේ සහෝදරයන් වන්නේ... කමක් නැහැ, එසේනම් මා ඔවුන්ට ධවල හා කාල කියා අමතන්නම්. ඔව්... ඒ නම් වඩා හොඳයි. හිහි... එසේ නේද පියාණනි ? "

පුංචි දූ කුමරියගේ වදන් සැමවිටම මේ පිය රජුතුමාව ප්‍රබෝධමත් කිරීමට සමත් විය. ඇගේ හිස අතගාමින් එතුමා කල්පනා කළේ, මවු නොමැතිව ඈ කෙසේ හැදීවැඩේවිදැයි යන කනස්සල්ලත් හිත තුළ සඟවාගෙනය. අමාත්‍යවරුන් කෙතරම් පැවසුවද තවත් රැජිණක් කැඳවාගෙන ඒම එතුමා ප්‍රතික්ෂේප කළේ දූ කුමරියට වෙනස්කම් සිදුවනු දැකීමට අකමැති නිසාවෙන්මය. තම සහෝදරිය , අමිතසේනා , ඇයව නිසි වයසට පැමිණෙන තුරු රැකබලා ගනු ඇත යන්න ඔහුට විශ්වාස විය. ඒනිසා කනස්සලු නොවිය යුතු‍යැයි සීහසේන රජු ඉටාගත්තේය.

දැන්... කාලය හීසරක් මෙන් පියඹා දහසය වසරක්ම ඉක්මගොස් ඇත...

බොහෝ දේ වෙනස් වී ඇත...




***




මහීසේනා හරි අහිංසක හුරුබුහුටි හුරතලියක් කියලද හිතුවේ ?


පව් අනේ ඔයාලා... :(

බලමුකො ඉස්සරහට ( එක ඇසක් අඩවන් කර ඉඟි කරන එමොජිය )



එක chapter එකකින් කතාව ලියලා ඉවර කරන්න හිතාගෙන හිටපු අහිංසක මම...

මේ වගේ එකක් ලියන 1st time :)





 




 

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now