~ 20 ~

207 51 20
                                    


" ඔබ... ඔබ හොඳින්ද? "


අසන්නට අන් කිසිවක් සිතාගත නොහැකි වූ යුවිධායු විමසුවේ ගනදුර නිසා කිසිවක් නොපෙනුණද, ඔවුන්ගේ දෑත් යාකර දැමූ විලංගුව නිසා තමා අසලම ගුහාවේ තෙත පොළොව මත වැතිර සිටින බැව් දැනුණු මහීසේනාගෙනි.


නමුත් ඈ නිහඬය,නිසසලය.


" මට සමාවන්න, මා දැන සිටියේ නැහැ ඔබතුමිය මේ රාජ්‍යයේ කුමාරිකාව බව. ඔබතුමියට සිදුකළ අගෞරවයට මට කමාකරනු මැන කුමරියනි."


මේ සිදුවන දේවල් අනුව තමා සැබෑවටම කුමරියක්ද යන්නවත් නිනව්වක් නොමැති වූ මහීසේනා ඔහුටම කතා කරන්නට ඉඩ හැර බලා සිටියාය.


" එසේනම්... ඔබතුමිය තමයි ඒ මහා අනාවැකියේ කියවුණු එක් කුමරියක්. ඔව්, ඒ ඔබ දෙදෙනා බව නිසැකයි. ඔබතුමියත්... ඇයත් "


මහීසේනාට ඔබතුමිය කියා ආමන්ත්‍රණය කළද, මහීධ්විකාට ගරු කිරීමට ඔහුගේ සිත නොනැමුණු ලෙසකි. ඔහු පැවසූ දෙය සවන් වැකුණු මහීසේනා හිඳගත්තේ ඔහුගේ හඬ ආ දෙසට හැරෙමිනි.


" කුමන අනාවැකියක් ගැනද ඔබ පවසන්නේ ? " 


" ඒ පිළිබඳව බොහෝ අය කිසිවක් දන්නේ නැහැ. ඔබතුමියත් ඉන් එක් අයෙක්. නමුත්, ඔබතුමිය දැන් ඒ පිළිබඳව දැනගත යුතුයි. 


ඔබතුමියගේ මෑණියන්, එනම් මේ රාජ්‍යයේ රජතුමාගේ අග මෙහෙසිය ඔබතුමිය ඉපදීමට පෙර, කුමාරවරුන් සත් දෙනෙකුට උපත ලබා දී තිබුණා. රජුත්, එතුමියත් බොහෝ සතුටු වූවාලු මේ කුමාරවරු සත්දෙනා පිළිබඳව. ඔවුන් එකිනෙකා අතර තිබුණේ වසරක වයස් පරතරයක්ලු, එමෙන්ම ඔවුන් හරිම දඟකාර, සෞඛ්‍යමත් කුමාරවරුලු.

කලකට පසු එක් රාත්‍රියක, රට වැසියන් රාත්‍රී ආකාසයේ අමුත්තක් දැක තිබෙනවා. ඒ ඉතාමත් දීප්තිමත් තරු රටාවක්. තරු හතකින් යුක්ත වූ ඒ තරු රටාවෙන් නිරූපණය වී තිබෙන්නේ රජ පවුලේ රාජකීය ලාංඡනය වූ මුවගින් අග්නිලන මකරාලු. ඉතින් රට වැසියන් බොහෝ පුදුමයට පත් වෙලා. සැනෙකින් මුළු රටේම වැසියන් අතර මෙය පැතිර ගොස් ඔවුන් සියල්ලන්ම අහස දෙස බලන්නට එළිමහන් වලට පැමිණියාලු. මෙසේ බලා සිටින විට මහ පුදුමාකාර දෙයක් සිදුවී තිබෙනවා. මේ දීපතිමත් තාරකා අතරින් එක්වරම තවත්, වඩාත් දීප්තිමත් තාරකාවක් මතුවුණාලු. ඒ තාරකාව අනිත් තරු වල ශක්තියත් උරාගත් ලෙසක්ලු පෙනුණේ. එන්න එන්නම දීපතිමත් වූ ඒ තාරකාව එක්වරම තාරකා දෙකක් බවට වෙන්වී තිබෙනව. එය සිදුවූ ක්ෂණයෙහිම අනිත් තාරුකා හත අතුරුදන්ව ගොස් තිබෙනවා. අවසානයේ ආකාසයේ ඉතුරු වූයේ අර තාරක ද්විත්වය පමණයිලු. 

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now