~ 9 ~

206 59 15
                                    

එදින හිරු නබෝගැබ අවරට තරණය කරන්නට සැරසෙත්ම, කුමරි අංගනයේ ප්‍රධාන ද්වාරයෙන් පිටව පලතුරු කූඩයක්ද රැගෙන පැමිණෙන දාසියකි. ඈ අන් දාසියන් සේම සුදුපැහැ කපු පිළියෙන් ගත දවටාගෙන , සුදු සේල පටකින් මුවද ආවරණය කරගෙන සිටියාය. රාජකීය භෝජන සඳහා රැගෙන යන ඕනෑම දෙයක් මෙලෙස මුව වසාගෙන රැගෙන යාම සිරිතකි.

නමුත් සුපරික්ෂාකාරීව බැලුවහොත් මේ සුදු සේල පට අන්‍ය දාසියන් පළඳින ඒවා මෙන් විනිවිද නොපෙනෙන බවත්, පැළඳි තැනැත්තියගේ මුව මුළුමනින්ම ආවරණය කර ඇති බවත් පෙනෙනු ඇති.ඈ කඩිනම් ගමනින් පැමිණ වාසලෙන් පිටවන දොරටුව අසල නැවතුනේ සෙබළු යනෙන සියලු දෙනාවම පිරික්සන බැවිනි.

" නුඹ පලතුරු රැගෙන ඒමටද පිටවයන්නේ ? "

සෙබළෙකුගේ පැනයට පිළිතුරු ලෙස ඈ හිස වැනුවාය.

" හොහෝ , බොහොම ලැජ්ජාශීලීයි වගේ ඔබ. අලුතෙන් පැමිණි දාසියක්ද නුඹ? "

" ලැජ්ජාව කෙසේවෙතත් ඈ බොහොම රූමත් වගේ. ඔය මුහුණ බැලීමට නැතිද අවසර අප හට ? ආ? " සෙබළුන්ගේ කවටකම් වලට කිසිවක් නොකී ඈ බිම බලා සිටියද ඇගේ දෑසේ වූයේ ඔවුන්ව දවා අළුකළ හැකි බැල්මකි.

" හොඳයි පිටව යා හැකියි නුඹට. පැමිණෙන විට අපටත් පලතුරු රැගෙන ඒමට අමතක කරන්න එපා. නුඹ සමඟ තනිව කතාබහ කිරීමට මා වෙනත් වෙලාවක් යොදාගන්නම් එවිට. "කඩිනමින් එතැනින් ඉවත් වූ තරුණිය මද දුරක් ගොස් අවට කිසිවකුත් නැති බැව් තහවුරු කරගෙන අසල වූ ලැහැබකට ගොස් පලතුරු කූඩය බිමින් තබා, එතුළ වූ පලතුරු ඉවත දමන්නට වූවාය. ඈ එය සිදුකරන විට ඇගේ ඉණ පෙදෙස මදක් නිරාවරණය වූ අතර, එහි වූ ලාංඡනය දුටු ඕනෑම අයකු තිගැස්සී යනු ඇත. ඇගේ ඉණෙහි සලකුණු කර තිබුනේ රාජකීය ලාංඡනයයි.

රාජකීය උරුමය ඇත්තන්ගේ පමණක් සිරුරේ සලකුණු කරන මෙම ලාංඡනය මුවගින් අග්නිලන මකරෙකු නිරූපණය කරයි. එය දුටු පමණින් රාජකීය ලාංඡනය හඳුනාගැනීමට රටවැසි ඕනෑම අයෙකුට හැකියාව තිබුණු අතර එය මුද්‍රිත අවසර පත් සතුවූ රාජකීයයන්ට හිමිවූයේ අසීමිත බලයකි.

රාජකීය සලකුණ දැරූ ඈ අන් කවුරුන්ද මහීසේනා කුමරියම මිස...

කූඩයේ සඟවා තිබූ දුනුහී ද රැගෙන ඈ නික්ම ගියේ සීහ වනය දෙසටය.

***

කාලෙකින් නේ....

කතාව මතකත් නැතිව ඇති දැන්නම්. මටත් ආයෙත් කියවල බලන්න වුණා මොනවද ලිව්වේ කියලා... හිහි...

මහීසේනා අභියෝගය බාර අරන් වගේ...
එහෙම නොවුණොත් තමා පුදුමේ.


හොඳ හොඳ දේ පහු පහුවට  :)

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now