~ 26 ~

159 50 19
                                    


මහීධ්ව්කා මහීසේනා වෙත ඇගේ හීය මුදාහැරීමට මත්තෙන් අනෙක් දුන්නෙන් ගිලිහුණු හීය වා තලය පසාරු කරගෙන විත් මහීධ්විකාගේ හදවත සිදුරු කළේය.


ඇගේ අතින් දුනුහී ගිලිහී බිම වැටුණු අතර ඇයද අඩපණව ඇද වැටෙද්දී මහීසේනා වහා ඇයව අල්ලාගත්තේ ඇගේ හිස පොළොවෙහි ගැටීමට මත්තෙනි. මහීසේනාගේ උකුළ මත ඈ හිස හොවා සිටියේ ඈත් , මහීසේනාත් ඇගේ හදවතින් ගලනා රුහිරු දහරින් පෙඟී යද්දීය.


යුවිධායු වහා හැරීබැලුවේ හීය පැමිණි දෙසටය. පෙර තුරුපතර සැඟව සිටි දුනුවායා මැර වළල්ලට පිටිපසින් සිටිනු දැක යුවිධායුට සැනසුම් සුසුමක් නික්මුණේ නිතැතිනි. ඒ අතර මැර පිරිස වහා පලා ගියේ ඔවුන්ගේ නායකතුමිය ප්‍රහාරයට ලක්වූ නිසා ඔවුනටද අදිසි ප්‍රහාර එල්ල වනු ඇතැයි බියෙන් මෙනි.


මහීධ්විකාගේ ජීවිතය ගලවාගත නොහැකි බව පැහැදිලිව පෙනුණි. හදවත සිදුරු කළ හීය මහීසේනා විසින් පිටතට ඇද දමනු ලැබූවද ඒ වන විටත් ඇගේ සිරුර පුරා හීයේ විෂ උඩුදුවා අවසන් සෙයකි. ඈ අක්‍රමවත් ලෙස හුස්ම ගනිමින් වේදනාවෙන් මුසපත්ව සිටියදී මහීසේනාට තම සොයුරියගේ වේදනාව දරාගන්නට ඇත්නම් යයි සිතුණාය.


" මහීධ්විකා... ඔබ කුමක් කළත්...ඔබ මගේ සොයුරිය. ඔබට සිදුවූ මේ සියල්ලට මාද වගකිව යුතුයි. මට කමා කරන්න. එය මගේ තෝරාගැනීමක් වූවා නම්... ඔබව පිටමං කරන්නට ඉඩ නොදී මා කැමැත්තෙන්ම මාළිගයෙන් පිටව යන්නට තිබුණා... නමුත් මා තුන්විසි වසරක් මේ කිසිවක් නොදැන මාළිගයේ කල් ගෙවූයේ මගේම සොයුරිය අනේක දුක්ගැහැට විඳිමින් ජීවතය ගෙවද්දීයි. මට කමා කරන්න මහීධ්විකා... ඔබ මා සමඟ සිටියා නම්.. අපට ළබැඳි සොයුරියන් වන්නට තිබුණා... එකිනෙකාගේ ප්‍රාණ සම මිතුරියන් වන්නට තිබුණා. නමුදු දැන් ඔබ මාව මෙලෙස අතහැර යනවා.. ඔබ කළ කිසි දෙයක් පිළීබඳව මා ඔබට වෛර කරන්නේ නැහැ... ඒ සියල්ලට හේතුව ඔබේ හදවතේ වූ වේදනාව බව මා දන්නවා... එනිසා..එනිසා.. ඔබට මා වෛර කරන්නේ නැහැ...මගේ පැතුම ඔබ ඊළඟ භවයේදීත් මගේම නිවුන් සොයුරියව උපදින්න.. එවිටවත් අපට හැකිවේවි සැබැ සොයුරියන් ලෙසින් දිවිගෙවන්නට...

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now