~ 32 ~

266 51 89
                                    

" යුවිධායු... ඔ..ඔබ ? "

මහීසේනා කුමරිය පියාණනුත්, යුවිධායු හා වේලුත් අබියසට ගොස් විමසුවේ තමා මේ දකිනුයේ පෙර මෙන් සිහිනයක්දැයි අවිනිශ්චිතවය.

" එසේය කුමරියනි... යුවිධායු තමයි.. "

යුවිධායු පෙර කිසිදා නොකළ පරිදි කුමරියට ආචාර කර සිටියේය. සීහසේන රජු මවිතයට පත්ව ඇති බවක් පෙනුණි.

" දියණිය.. කෙසේද.. මේ කුමරුව හඳුනන්නේ ? "

වනයේදී තම ජීවිතය බේරාගත් පුද්ගලයා මොහු බැව් මහීසේනා කුමරිය පිය රජතුමා වෙත පැහැදිලි කර සිටියද ඇගේ වතෙහි වූ මවිතය තවමත් පහව ගොස් නොතිබුණි. දූ කුමරිය කළ පැහැදිලි කිරීම අසා සිටි සීහසේන රජුගේ දෑස් යුවිධායු කුමරු වෙත හෙළුවේ ප්‍රීතිමත් බැල්මකි.

" නමුත් කුමරුනි... ඔබ.. ඔබ එසේනම් භාරත දේශයේ ධීම රජුගේ පුතණුවන්ද එසේනම්... මගේ හොඳම මිතුරාගේ ? නමුත්.. නමුත් එය කෙසේද සිදුවූයේ? එතුමාට පුත් කුමරෙකු සිටි බවක් මා දැන සිටියේ නැහැ. එතුමාට සිටින්නේ දූ කුමරියක් නොවෙද ? "

" එසේය රජතුමනි.. ඒ මගේ නැගණිය. පියාණන්ට පුත් කුමරෙකු සිටින බැව් බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. මා ඔබතුමාට සියල්ල පැහැදිලි කර සිටින්නම්.

මීට දස වසරකට පෙර අපේ රාජ්‍යයේ කැරැල්ලක් ඇතිවුණා. ඔබතුමාට පියාණන් ඒ පිළිබඳව දන්වන්නට ඇති. ඒ කැරැල්ල සංවිධානය කර තිබුණේ රාජසභාවේම සිටි කුමන්ත්‍රණකරුවන් විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ සිහසුන පැහැර ගැනීම. පියාණන් තමන්ගේ ආරක්ෂාවටත් වඩා බිය වූයේ මා ගැනයි. ඒ වන විටත් මාව රාජ්‍යයේ කිරුළ හිමි කුමරු ලෙස නම් කර තිබුණේ නැහැ. ඉදින් මා හට අනතුරක් වේ යැයි සිතූ පියාණන් මාව මගේ ආරක්ෂකයා වූ වේලු සමඟ පිට දේශයකට යැවීමට කටයුතු සැලසුම් කළා.

පියාණන් මුලදී සැලසුම් කළේ මා ඔබතුමාගේ ආරක්ෂාව යටතට පත් කිරීමටයි. නමුත් එවිට මා වෙත අවධානය යොමු විය හැකි බැවින් පියාණන් ඒ අදහස වෙනස් කළා. එතුමා මාව වේලු සමඟ මේ හෙළද්වීපය වෙත පිටමං කළේ, සුදුසු කාලය එළඹෙන තුරු රහසේ සැඟව දිවිගෙවන මෙන් පවසමින්. මා මේ දේශයට පැමිණෙන විට සොළොස්වන වියේ පසුවූ කොලු ගැටයෙක්. මේ සිටින වේලු තමයි මාව ආරක්ෂා කරමින් රැකබලා ගත්තේ. මට වඩා එතරම් වැඩිමහලු නොවූවත් ඔහු තමයි අපේ රාජ්‍යයේ සිටි දක්ෂතම සෙන්පති. එනිසයි පියාණන් මගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව මා සමඟ එවූයේ. "

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now