~ 15 ~

203 52 6
                                    

" විලංගු දමනු මොවුන්ට" , එක් මැරයෙක් අණ කළ අතර, මහීසේනාගේ දකුණතටත්, යුවිධායුගේ වමතත් එක්කර යකඩ විලංගුවක් වැටුණේ අණ ලැබුණු පමාවෙනි.

තමා සිටින්නේ කොහිදැයි ඔවුන් දෙදෙනාටම නිනව්වක් නොවීය. සීහ වන අභ්‍යන්තරයේ වූ හොඳින් සැඟවුණු ගල්ගුහාවක් බැව් වැටහුණද, දෙදෙනාගෙන් එක් අයෙකුවත් මින් පෙර මෙහි පැමිණ තිබුණේ නැත. මැර කණ්ඩායම බිම වැටී සිටි ඔවුන් දෙදෙනාව වට කරගෙන සිටියේ පලා යෑමට කිසිඳු ඉඩක් නොතබමිනි.



හෝරාවකට පෙර

" ඔබේ හාවුන් දෙදෙනා මෙහි කොහේවත් නැහැ. සිටිනවා නම් අපට හමුවිය යුතුයි. අප කොතරම් වෙලා උන්ව සෙව්වද? දැන් ඇඳිරි වැටීගෙනත් එනවා. ඔබට ඊට පෙර යාමට අවශ්‍ය බව පැවසුවා නේද? තවත් සෙවීමෙන් පලක් නැහැ. ඔබ දැන් නිවසට යන්න, සමහර විට ඔවුන් දෙදෙනා නිවසට ගොස් ඇති දැනටමත් "

හෝරා ගණනක් වනය පීරා ඇති වූ වෙහෙස නිසා ගසක් මුල වාඩිවූ යුවිධායු කීවේ තවමත් අවට පිරික්සමින් ධවලකාලයන්ට අඬගසමින් සිටි මහීසේනාටය.

" නැහැ. ඔවුන් කෙදිනකවත් මාළි... නිවසෙන් මෙතරම් දුර පැමිණ නැහැ. එනිසා ඔවුන්ට ආපසු යාමට පාර සොයාගන්නත් බැහැ. ඔබ සැබැවින්ම හාවුන් ගැන දන්නේ නැතිද? ඔවුන් සැඟවෙන්නේ සොයාගැනීමට නොහැකි වන ලෙසයි. විශෙෂයෙන්ම මගේ ධවලකාලයන් ගරිල්ලා ක්‍රමයෙහි ප්‍රවීණයන්. එනිසා මා තවත් සොයාබැලිය යුත්යි. නුඹටා යාමට වුවමනා නම් යා හැකියි "

" හහ්, ඔබත් ඔබේ හා පැටවුණුත්... මට අවැසි නම් මා යනවා තමයි කොහොමත්. අද මුළු දවසම නිකරුණේ අපතේ ගියා කොහෙවත් යන හාවෝ දෙන්නෙක් නිසා. දැන් මා ගියයි කියා කරන්නට කාර්යයක් නැහැ දැනටමත් ඇඳිරි වැටී ඇති නිසා."

" කොහේවත් යන හාවුන් ? මුග්ධයා! මේ ඔවුන් වුවමනාවෙන් සිදු කළ දෙයක් නොවෙයි, ඔවුන්ව පැහැරගෙන එනු ලැබූවා !!! තව කී වරක් නම් මා එය නුඹට පැවසිය යුතුද ???"

" හොහෝ ! දැන් ඔබ මට මුග්ධයා කියාත් පවසනවද ? එපමණයි අඩුවට තිබුණේ. මේ ගතවූ හෝරා කිහිපය තුළ ඔබ මට හැම වන සතෙකුගේ නමින්ම ඇමතුවා. නමුත් මුග්ධයා යැයි ඇමතීම මා ඉවසන්නෙ නැහැ. එහෙනම් ඔය බුද්ධිමතී ම හාවුන්වත් සොයාගෙන, නැවත යන මාර්ගයත් සොයාගෙන ආපසු යන එකයි ඇත්තේ. සැබෑවටම ඔබේ මව උගන්වා නැද්ද ඔබට උපකාරයක් කළ අයෙකුට කෘතඥ වීමට ? පලක් නැහැ, මා යනවා "

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now