~ 13 ~

195 53 3
                                    


මේ ආගන්තුක තරුණිය තම ගෙලට කිණිස්ස තද කරගෙන සිටි අතින් ඇද, ඇයව තමා දෙසට ඇදගත් තරුණයා ඈව එහිම බිම පෙරළා ගත් ඒ නිමේශය තුළ හීයක් ඇසිල්ලක වේගයෙන් ඔවුන්ගේ හිස්වලට ඉහළින් පියඹා ගියේය. තිගැස්සුණු මහීසේනා වටහා ගත්තේ තරුණයා තමාව බිමට ඇදගත්තේ නැතිනම්, තමා පෙර සිටි තැනම සිටියේ නම් ඒ හීය සිදුරු කරනු ඇත්තේ ඔහුගේ නොව තමාගේ හිස බවයි.


විගස හැරී බැලූ ඔවුනට දක්නට ලැබුණේ සැඟවී ප්‍රහාර එල්ල කළ තැනැත්තා කවුරුන් වුවද, ඔහු හෝ ඇය මේ වනවිටත් පලායමින් සිටි බවයි. අඳුරු වනය තුළට දිවයන ඡායාවක් පමණක් දැකගත හැකිවූ ඔවුන්ට ඒ පුද්ගලයා හඹා යාම නිශ්ඵල කාර්යයක් බව වැටහී ගියේය.


තමා තවමත් ඔහුගේ සිරුර මත සිටින බව වටහා ගත් මහීසේනා විගස ඔහුව තල්ලු කර දමා නැඟී සිටියාය. මේ වන විට සැඟවී ඔත්තු බැලූවෙකු පිළිබඳ ඔහු පැවසූ කතාව සත්‍ය බවත්, ඔහු මේ දැන් තම ජීවතය බේරාගත් බවත් ඈ තේරුම් ගෙන සිටියද, ඔහුව විශ්වාස නොකිරීමට නම් ඇය අධිෂ්ඨාන කරගෙන සිටියාය. 

 " දැන්වත් වැටහෙනවාද නුඹට මා පැවසුවේ සත්‍යක් බව ? අඥාන තරුණිය. නුඹ මගේ හිස සිඳලන්නට ගොස් තව පොඩ්ඩෙන් ඔබේම හිස තුළින් හීයක් මතු කරගන්නවා. "


" වදන් ප්‍රවේශමෙන් !!! "


" හහ් , වදන් ? ඔබ ඔය වදන් ප්‍රවේශමෙන් හසුරුව හසුරුව සිටින විට සිදුවිය යුතු සියල්ල සිදුවී තිබේවි. මා පැවසීමට තිබෙන දේ ඍජුව පවසනවා ! "


" අපට පහර දුන් තැනැත්තා කවුරුන්දැයි නුඹ දන්නවාද ? ", කෝපයෙන් පසුවුවද තමා මෙහි පැමිණි අරමුණ අමතක නොකළ මහීසේනා ඔහුගෙන් විමසුවාය.


" අපට ? අපට නොවෙයි , ප්‍රහාර එල්ල කළේ ඔබට ! මාත් නොදැන පැටළුණු කරදරයක් ! මා කෙසේද ප්‍රහාරකයාව අඳුරන්නේ ???


හොහෝ! මදක් ඉන්න. එසේනම් ඔබ සිතන්නේ ඒ මා එවූ කෙනෙක් කියාද ? ආආ? හහ්, පුදුමයක් නැහැ ඔබ එලෙස සිතුවත් ඔබට තිබෙනවානේ අපූරු හැකියාවක් අනුන්ව සැක කිරීමට . මට තවත් මෙහි සිටීමට වුවමනාවක් නැහැ ඔබේ ඔය රාජකීය සැකයට බඳුන් වෙවී. මා හට කරන්නට ඊට වඩා බොහෝ වැදගත් කාර්යයන් තිබෙනවා "

තරුණයා ඉවත හැරුණේ කෝපයෙනි.

" මදක් නවතින්න... " 



මතු සම්බන්ධයි.



කතාව කම්මැලි ඇති.   :((

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now