~ 31 ~

199 48 50
                                    

උත්සවය ඇරඹී තෙහෝරාවක් යන්නට මත්තෙන්ම මහීසේනා කුමරියට දැනුණේ කාලය ගෙවෙනුයේ ඉතා සෙමින් බවයි. ඇයට එය මහත් හිසරදයක් ගෙන දෙන්නට සමත් විය. රාජ්‍යයේ කුමාරිකාව වශයෙන් ඇය මින් පෙරද රාජකීය උත්සව වලට සහභාගී වී තිබුණද ඒ අවස්ථාවලදී ඇයටද ක්‍රියාකාරීව සහභාගී වීමටත් කතාබහ කිරීමටත් අවස්ථාව හිමිවුණි. අනෙක් කරුණ නම් ඒ අවස්ථාවන්හිදී අද මෙන් ඈ වෙත සියල්ලන්ගේම අවධානය යොමු නොවීම ඇයට සහනයක් විය.

නමුත් අද...  ඇයට සිදුව තිබුණේ අති උත්කර්ෂවත් ලෙස සරසන ලද සිංහාසන ශාලාව තුළ වූ ඇතුළ් මණ්ඩපය මත පියාණන්ගේ සිහසුනට අසල පනවන ලද ආසනයේ අසුන් ගෙන සිටිමින් බලා සිටීම පමණි.

කොතරම් නුරුස්නාවෙන් පසුවුවද අද දිනයේ මහීසේනා කුමරිය අන් කවරදාටවත් වඩා රූමත්ව ඇති බැව් නම් නොරහසකි. ඒ වත්සුණු හෝ ආභරණ නිසාවෙන් නම් නොවේ. හේතුව කුමක්දැයි නිශ්චිත නොවූවද ඇගෙන් මතුව පෙනුණු ඒ අත්‍යාලංකාර වූ රූපශ්‍රීය අන් සියලු දෙනාවම වසඟ කරගන්නට වූයේ නිතැතිනි.

භද්‍රා නම් බොහෝ සතුටින් පසුවන බවක් පෙනුණි. ඇයත් අනෙක් දාසියනුත් උකුළු මුකුළු කරමින් කුමාරවරු දෙස බලමින් සිටි අතර, ඔවුන් කඩවසම් යැයි සිතන කුමාරවරුන් ( සෑම කුමාරයෙක්ම පාහේ ) රජුත් මහීසේනා කුමරියත් බැහැදැක ආචාර කරන විට භද්‍රා ඉඟි බිඟි පාමින් තමා දෙස බලා සිටින බැවි දැනුණු මහීසේනා කුමරියට තමා අසුන් ගෙන සිටි මණ්ඩපයා දෙබෑකරගෙන කිඳා බැසීමට තිබුණා නම් යැයි සිතුණු බවක් පෙනුණි.

නොසිතූ විරූ අමුත්තන් සංඛ්‍යාවක් ස්වයංවරයට සහභාගී වීමට පැමිණි සිටියහ. ප්‍රාදේශීය ප්‍රාන්ත පාලකවරුන්ගේ පුත් කුමාරවරුන්ගේ සිට විදෙස් රාජ්‍ය වල අධිරාජ්‍යන්ගේ පුත් කුමාරවරුන් පවා ඒ සඳහා පැමිණ සිටියහ. ඔවුන් දින කිහිපයකට පෙර හෙළද්වීපයට ගොඩබැස, ඉතිරි දින කිහිපය රජතුමා පහසුකම් සලසා දුන් පරිදි එතුමාගේ බැහැර මාළිගාවන්හි ගතකළ බවත් භද්‍රා විසින් කුමරියට සැලකර තිබුණි. යම් කාර්යයක් කෙරෙහි මෙතරම් උනන්දුවක්, උද්යෝගයක් කුමරිය කෙදිනකවත් භද්‍රාගෙන් දැක තිබුණේ නැත.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now