~ 19 ~

182 56 16
                                    


මහීසේනා මෙවර නම් සැබැවින්ම කිසිවක් කියාගත නොහැකිව වික්ෂිප්තව සිටියාය. ඇය යුවිධායු දෙස බැලුවේ මෙය තමා දකින සිතලුවක් පමණක්දැයි තහවුරු කරගැනීමටය. නමුත් යුවිධායුත් ඊට නොදෙවෙනි ආකාරයට පාෂාණිරූඪ වී තමා දෙසත් අර තරුණිය දෙසත් බලනු දුටු මහීසේනා තමා දකින්නේ සැබෑවක් මිස සිතලුවක් නොවන බව වටහා ගත්තාය.


ඇයට දැනුණේ කාලය එක් මොහොතකට නතර වූ ලෙසකි. වෙනත් ඕනෑම දෙයක් අපේකෂා කළ හැකිව තිබුණි. නමුත් මෙවැන්නක් ...


" හිමක්ෂ, මෑ ඕනෑවට වඩා කම්පනය වී ඇති හැඩයි. බලන්න අපේ නිර්භීත, ප්‍රතාපවත්, රණශූර මහීසේනා කුමරිය මා හමුවේ නිරුත්තරව ඇති අයුරු ! මට මා ගැනම දැනෙන අභිමානය නොවැලැක්විය හැකියි.


ඉතින් කෙසේද මගේ ආදරණිය සොයුරිය ? ඔව්... මමයි නුඹ මෙලොව එවැන්නෙක් සිටිනවාද යැයි වත් නොදැන සිටි ඔබේ ඒ නිවුන් සොයුරිය "


ඇගේ වියරු සිනහව නැවත වරක් ගුහාව පුරා දෝංකාර දුනි.


" ම... කු..කුමක්ද? ඔබ..ඔබ මගේ නිවුන් සොයුරිය ? නමුත්.. නමුත්.. කෙසේද එවැන්නක්.. ? " 

මහීසේනාට කිසිවක් සිතාගත නොහැකිව, ජීවිතයේ ප්‍රථම වතාවට යම් අසරණ් බවක් දැනුණි.

" මහීධ්විකා... ඔබ සියල්ල පැහැදිලි කළොත් හොඳයි. නැතිනම්, මැය මෙතනම සිහිමුර්ජා විය හැකියි. අප ඈව අවසානයක් කර දමන විට ඈ පියවි සිහියෙන් සිටිය යුතුයි , එසේ නොවෙද ? "


හිමක්ෂ ගේ උපහාසාත්මක හඬ තුළ තිබුණේ අරුත් සුන් බවකි. මහීසේනාගේ චිත්ත ශක්තිය පිළිබඳව අන් කවරෙකුටත් වඩා ඔහු දැන සිටියේ කුඩා කල ඔහු ඇයට කළ අනේකවිධ අඩත්තේට්ටම් සියල්ල ඈ දරාගත් අයුරු සියැසින්ම දැක තිබූ නිසාය.


" මදක් ඉවසන්න හිමක්ෂ. මා මේ අප දෙදෙනා කොතරම් සමානදැයි පරීක්ෂා කළා. දෑස්, මුව, ශරීර ප්‍රමාණය පමණක් නොවෙයි කට හඬත්. මා මෙතරම් කල් බලා සිටියේ මේ අවස්ථාව උදාවන තුරු නොවෙද ? "

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now