~ 3 ~

299 76 11
                                    

මහීසේනා නැවත මාළිගයට පැමිණි වහාම පියරජතුමාව බැහැදැකීමට ගියාය.

" පියාණනි, ඇයිද ඔබ මා කැඳවූයේ ? "

සීහසේන රජුගේ වියපත් වතෙහි වූයේ නොපහන් බැල්මකි.

" මා දියණියව කැඳවූයේ තෙහෝරාවකට පෙර. කිමද ප්‍රමාද වූයේ ? "

" මා දඩයමට යන සුපුරුදු වේලාව එය නිසයි පියාණනි විගස පැමිණීමට නොහැකි වූයේ. මා සෑමදිනම සන්ධ්‍යාවේදී පියාණන් හමුවට එන වේලාවටම පැමිණියේ එනිසයි... "

" හ්ම්... ඔබට දැන් මේ මහලු පියාණන්ට වඩා වැදගත් බොහෝ දේ තිබෙන හැඩයි. ", සීහසේන රජු පැවසුවේ කන්ස්සලු හඬකින්.


" එසේ නොවේ පියාණනි... ඔබට වඩා වැදගත් නැහැ මට අන් කිසිවක්ම. පි‍යාණන් පමණයි මට මෙලොව සිටින වටිනාම පුද්ගලයා... පියාණන්ම තමයි මට වටිනාම අනික් දෙදෙනා වන ධවල, කාල ව ලබා දුන්නේත්... "

" එසේනම්, මේ පියාණන්ගේ ඉල්ලීම ඉටුකළ යුතුයි ඔබ. අද සිට දඩයම නවතා දමා , විවාහයට සූදානම් විය යුතුයි . "

මහීසේනා තිගැස්සී ගියාය. විවාහය පිළිබඳ ඇසීමටත් වඩා දඩයම නැවත්වීමට පැවසීම ඊට හේතුවිය. රජකුමරියක ලෙස, ඇය කොතරම් අකමැති වුවද, නිසි වයසට පැමිණි පසු විවාහ වීමට සිදුවන බවත් , එසේ විවාහ කරගන්නා පුද්ගලයාට පියාණන්ගෙන් පසුව රජකිරුළ උරුම වන බවත් ඈ දැන සිටියේ කුඩා කල පටන්මය. නමුත්... නමුත්.... දඩයම අත්හැරීමට සිදුවීම ?

ඈ විශ්මයෝත්පුල්ල දෙනයනයෙන් පියාණන් දෙස බැලුවාය.

" කුමක්ද පියාණනි ? නොහැකියි මට එය සිදුකිරීමට කිසිසේත්ම. විවාහයක් දැන්ම අවැසි නැහැ මට. එමෙන්ම මා හට දඩයම නැවැත්වීම නම් සිදුකළ නොහැකියි."

මෙවර ඇගේ ස්ථිර, නොසැලෙන වදනින් තිගැස්සුනේ රජතුමාය.

" හොහෝ... නුඹ මුරණ්ඩු වී තිබෙන තරම. තවදුරටත් මා ඉදිරියේ සිටින්නේ මගේ පුංචි මහීසේනා නොවන හැඩයි. ඔබට ඊට එකඟ වීමට සිදුවෙනවා නිසැකවම. නැතිනම් මට නුඹට අණ කිරීමට සිදුවනු ඇති. "

මහීසේනා සිටියේ පියාණන්ගේ මේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිවයි.

" පියාණනි... කිමද මේ ? ඔබ හොඳින්ම දැනුවත් දඩයමට මා කෙතරම් ප්‍රියද යන වග . කුඩාකල සිට මගේ තනිකම මැකුවේ එයයි. ඉතින් කෙලෙසද මා එය අත්හරින්නේ ? මා එය අතැර වෙන කුමක් නම් සිදු කරන්නද ? රාජකීය පුස්තකාලයේ ඇති පුස්තක සියල්ලම මවිසින් කියවා අවසන්. රාජකීය කුමරියක විසින් හැදෑරිය යුතු සියලු ශිල්ප ශාස්ත්‍ර මා හදාරා නිමකර බොහෝකල් බව පියාණන් දැනුවත්. ඉදින් එනිසයි මට නොහැකි එය සිදුකිරීමට. පියාණන් අණ කළද මගේ තීරණය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙනු ඇති"

"මහීසේනා ! නුඹේ මෑණියන් දන්නවානම් නුඹේ මුරණ්ඩුකම්... එමෙන්ම ඔබේ සුළු මෑණියන්... ඈ ඔබව හදාවඩාගැනීමට කෙතරම් වෙහෙසුනාද ?  අමිතසේනාට කුමක් සිදුවූයේදැයි අමතක වූවාද ඔබට ?  ඈ ඔබව  බේරාගැනීමට දිවිපිදූ අයුරු අමතක වූවාද  ? "









මතු සම්බන්ධයි...









කුඩාකල අහිංසක හුරතලියක වූ පුංචි මහීසේනා කුමරියගේ වෙනසට හේතුව කුමක් වන්නට ඇතිද ?

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now