~ 10 ~

198 56 6
                                    

සීහ වන මධ්‍යයෙහි වූ දැවැන්ත නුග වෘක්ෂය අසලට පැමිණි විගස මහීසේනාගේ විමිසිමත් බැල්ම වනය සිසාරා සැරිසැරුවේ ධවල හා කාලගේ ඡායාවක් දැකීමේ අරමුණින් වුවද එහි කිසිදු ප්‍රාණියෙකුගේ සලකුණක් නොවීය.

තමාට ලැබුණු හසුනෙහි සඳහන් වූයේ තුනේ හෝරාවට එහි පැමිණෙන ලෙසින් වුවද ඈ ඊට පෙරම එහි පැමිණ සිටියාය. තම සදාදරණීය සුරතලුන් දෙදෙනා දැකගැනීමේ අටියෙනි ඇගේ තියුණු බැල්ම ඒ අවට සිදුවූ කුඩා චලනයකට පවා විගස යොමුවූයේ.

වඩාත් විමසිලිමත් වන විට , ඇයට මේ හසුන එවූ තැනැත්තා කවුරුන් වුවත්, හමුවීමට එම ස්ථානය යොදා ගැනීමට හේතුව ඈට පසක් විය. මෙය ඝන වනාන්තරෙයේ වූ අනෙක් ස්ථානවලට වඩා මදක් එළිපෙහෙළි ස්ථානයක් වූ අතර, එතැන වටකොට ගෙන තිබූ අතුපතර සහිත වෘක්ෂයන් නිසා, ඕනෑම අයෙකුට සැඟවී ඔත්තු බැලීමට කදිම ස්ථානයකි.තමා ඒ මොහොතේ පවා කාගේ හෝ බැල්මකට නතුව ඇති බවක් ඉව වැටුණු නිසාදෝ , මහීසේනා තම දුන්න එක් අතකිනුදු එක් හීයක් අනිත් අතිනුදු රැගෙන සූදානම්ව සිටියාය.

එකෙණිහිම ඈට පිටුපසින් ඇසුණු සරසර හඬක් නිසා ඈ ඒ පසට හැරුණේ විදුලිය පරදවන වේගයකින් දුනු හී මානමිනි. නමුත් එහි වූයේ කුඩා මුව පොව්වෙකි. එලිමහන් ස්ථානයට තණ උළා කෑමේ අරමුණින් පැමිණි මේ පොව්වා දුටු ඈ අවධානය එදෙසට යොමු කළාය.

එහෙ මෙහෙ දුව පනින සුරතල් විලාශයෙන් මේ පොව්වා අලුත ඉපදි එකෙකු බවත් ඈ වටහා ගත්තාය. නමුත් පැටියා උගේ මව සමඟ නොසිටීම අසාමාන්‍ය විය. මන්ද මුව පැටවුන් බොහෝ විට මේ කාලසීමාව තුළ මවු රැකවරණය යටතේ සිටීමයි සාමාන්‍ය. මවුකිරි නොලැබීම නිසාදෝ පැටවාට තිබුණේ කෘෂ වූ සිරුරකි.

ඈ දුනු හී පහත හෙළා මුව පොව්වා වෙතට යාමට සැරසුණා පමණි.

එකෙණිහිම ඈට පිටුපසින් පැමිණි හීයක් වා තලය කපාගෙන විත් ඇගේ කන අසළින්ම ඇදීගියේ මුව පොව්වා දෙසටය.

පළමු ඉලක්කය වැරදුණි. මුව පොව්වා පලා ගියේය. මේ සියල්ල සිදුවූයේ එක් ක්ෂණයකිනි. හීය එවූයේ කවුරුන් වුවද තමාට පිටුපසින් දෙවන වරටත් දුන්නක වරපටක් අදින හඬ ඇගේ සියුම් සවනෙහි වැකුණු අතර, මුව පොව්වා පලා ගිය නිසාත්, මෙහි අන් කිසිදු ප්‍රාණියෙකු නොසිටි නිසාත් , ඊළඟ ඉල්ලක්කය තමා බව මහීසේනාට සැකයක් නොවීය.



මතු සම්බන්ධයි... 






***








මොනවද මේ සිද්ධවෙන්නේ ???

මේක පිටිපස්සෙ ඉන්නෙ කවුරු වුණත්, ඒ කෙනා ධවල කාලව පැහැරගෙන, මහීසේනා කුමරියව තනියම මෙතනට ගෙන්න ගන්න පොටක් පාදගත්තේ කප්පම් ඉල්ලන්න වෙන්න බැහැනේ ... :)))

මහීසේනා කොච්චර දක්ෂ වුණත්, ගරිල්ලා ප්‍රහාරයකට ( සැඟවී සිදු කරන ප්‍රහාරයකට ) මූණ දෙන්න පුළුවන් වේවිද ?


ඊළඟ එක...   :)

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now