~ 27 ~

179 47 47
                                    

මළ සිරුරු වළලා දැමූ පසු ඈ යුවිධායුත් වේලුත් සමඟ නික්ම එන්නට සූදානම් වූවාය. වේලු ළඟ තිබූ පැසක් තුළට ධවල කාලව පරිස්සමින් දැමූ මහීසේනා දැන් තමා පෙරළා මාළිගයට යා යුතු බැව් සිහිපත් කළ අතර, තම සොයුරියත් සොයුරාත් නිදන මේ ස්ථානය හොඳින් මනසෙහි සනිටුහන් කරගත්තේ දිගු සුසුමක් හෙළමිනි.

මේ වනවිට යුවිධායු වේලු සමඟ කතාබහක පැටළී සිටි අතර වේලු විසින් මහීසේනා වෙනුවෙන් රැගෙන ආ ඔසු යුවිධායුගේ අතෙහි වූ තුවාලය මත තබා වෙළා තිබුණේ මහීසේනාගේ ඉල්ලීම අනුවය. ඇයට වඩා ඒ ඔසු ලබාදිය යුත්තේ ඔහුට බැව් ඈ පවසා සිටියාය.

" සැබෑවටම වේලු නුඹ නම්...... එක් මොහොතක් එහා මෙහා වූවා නම් නුඹ මහීව මරා දමනවා.. නුඹ හොඳ සිහියෙන් නොවෙද සිටින්නේ.. මදක් සිතන්න..බැරිවෙලාත් මා එය නොදුටුවා නම්...මට ඇයව බේරාගත නොහැකි වූවා නම්... "

" ඉදින් එය එලෙස සිදුවූයේ නැහැනෙ යුවිධායු. අනෙක ඔබ ඔය ලෙසද කුමරියට අමතන්නේ ? ඇය කුමරියක් බව අමතකද ඔබට ? "

වේලුගේ තරවටුවට යුවිධායු උපහාස සිනාවක් පෑවාය. මේ කිසිදු කතාබහකට සහභාගී නොවූ මහීසේනා සිටියේ නිහඬවය.

" නුඹට මෙන් නොවේ මට ඇයට එලෙස ඇමතීමට අගේ අවසරය තිබෙනවා ... එලෙස නොවෙද මහී.. ඒ නිසා නුඹ දැනගනු ! මට පමණයි ඇගේ රාජකීය අවසරය හිමිව තිබෙන්නේ ඇයට එලෙස ඇමතීමට, වැටහුණාද ?

එය නොවෙයිනේ මා පවසමින් සිටියේ....ආහ්..මා පවසමින් සිටියේ නුඹ මහීට අනතුරක් කළා නම් මා නුඹට කරන දෙය ගැනයි "

" ඇයි නුඹ මට කුමක් කරන්නද ආ ?? කුමරිය වෙනුවෙන් ඇයිද මේ තරම් බියවන්නේ ඔබ ?

අහා...මට දැනුයි වැටහෙන්නේ........  එසේනම් එයයි හේතුව "

වේලු මහීසේනාත්, යුවිධායුත් දෙස බලා යුවිධායුට ඉඟි මැරුවේ එලෙස පවසමිනි. එය සවන් වැකුණු යුවිධායු එක්වරම මහ හඬින් සිනාසෙන්නට විය.





නමුත්...  නමුත්.....

එය ඔහු පෙර පෑ සිනාවන් මෙන් නොවීය.

යුවිධායුගේ මුවින් නික්මුණේ වියරු සිනහවකි.

" නුඹට වැටහුණා ? සැබෑවටම ? හහහා... නුඹ වටහාගත්තේ කුමක් වුවත් එය වැරදි වැටහීමක් වේලු...

ඔබ එසේ කළේ නම් මා කුමක් කරන බවද විමසූවේ ? එසේ වූවා නම් මා නුඹව මරා දමනවා.... හේතුව නුඹ දන්නවාද ? "

මිතුරාගේ අමුතු හැසිරීමෙන් වේලු මදක් කැළඹී සිටියේය. මහීසේනාද වියරු සිනා නගන යුවිධායු දෙස බලා සිටියේ විමතියෙනි.

" ඔබ..ඔබ එසේ කරනු ඇත්තේ... ඔබ ඇයට ආලය කරන නිසා ඒ ශෝකය දරා ගත නොහැකි නිසයි..එය නොවෙද හේතුව "

වේලු සැක සහිතව විමසූ අතර එය යුවිධායුගේ සිනහව තවත් තීව්‍ර කරවන්නට සමත් විය.

" ආලය ? මා ඇයට ආලය කරනවා කියාද පැවසුවේ ? මුග්ධයා !

මා නුඹව මරාදමනු ඇත්තේ ඇයව මගේ අතින්ම විනාශ කරදැමීමට නුඹ ඉඩ නොදුන් නිසයි ! "

එලෙස පැවසූ යුවිධායු එක්වරම වේලුගේ හිණ රැඳි කොපුවෙන් කඩුව ගෙන ඉන් මහීසේනාට ඇන්නේ අසුරු සැණින් වූ අතර, ඇගේ උදරයට එල්ල වූ කඩු පහර නිසා වූ වේදනාව ඇගේ මුවින් නික්මෙන්නට පෙරම බිම ඇද වැටුණු අගේ සිරුර නිසල විය.


මතු සම්බන්ධයි...








***


මට බනින්න එපා... මම කලින්ම අනතුරු අඟවලයි තිබුණෙ.

ජීවිතේ හැමදෙයක්ම අපිට ඕන විදියට, අපි හිතන පතන විදියට සිද්ධ වෙනවා නම් කොච්චර හොඳද ?

ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ හැමවෙලාවෙම .

මට මහීසේනා මැරෙන එක විස්තර කරල ලියන්න හිත හදාගන්න බැරිවුණා. ඒකයි ඔහොම ලිව්වේ :((

ඒත් මට ඔක්කොටම වඩා හිතට අමාරු යුවිධායු එහෙම කරපු එක. යුවිධායූඌඌඌඌඌ....................... !!!!



කතාව ළඟදිම ඉවර වේවි. 

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now