~ 6 ~

248 69 24
                                    

සඳ ඝනැති මේඝ වලාවන් අතරින් එළිය විහිදූ ඒ රාත්‍රියේ රජ මාළිගයේ නැගෙනහිර දොරටුවෙන් පිටතට පැමිණෙන කිසිවෙකුගේ රුවකි. ඒ කාන්තාවකද පුරුෂයෙකුද යන්න පැහැදිලිව කිව නොහැක්කේ ඒ පුද්ගලයා තම සිරුරත් , මුවත් කාලවර්ණ වස්ත්‍රයකින් වසාගෙන සිටි බැවිනි. කිසිවකුට හඳුනාගත නොහැකි වන ලෙස මෙලෙස සැරසී සිටි බැව් නිසැකය. පා ඇඟිලි තුඩින් පැමිණි ඒ රුව මාළිගා දොරටුවෙන් පිටව ආපසු හැරී මාළිගය දෙසට තවත් එක් බැල්මක් හෙළුු බැව් දුටුවේ වළාවන් අතර සැඟව මේ සියල්ල බලා සිටි සඳම පමණි.



ඒ මොහොතේ නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් සිටි මාළිගාවේ දොරටු පාලකයා ගෙල කඩා වැටීම නිසා තිගැස්සී අවදි විය. නැගෙනහිර වාසල් දොරටුවට දැඩි ආරක්ෂාවක් යොදා නොමැත්තේ එය බාහිර පුද්ගලයන් කිසිවකුත් භාවිත නොකරන, මාළිගාවෙ සේවය කරන්නන්ටම වෙන්වූ ප්‍රවේශයක් බැවිනි. දොරටු පාලක දෑස් විවර කළ විගස ඔහු ඝනදුර තුළින් දුටුවේ තමා ඉදිරියේ වූ කළුපැහැ ඡායාවකි. ඔහුගේ දෑස් ගනදුරට හුරුවීමට ගත වූ ඒ නිමේශය තුළදී පෙර කී ඡායව අතුරුදන්ව තිබුණි.



මදක් වික්ෂිපත්ව කල්පනා කළ ඔහුට පා සලඹක හඬක් ඇසුණු බවක් සිතුනද, සැබැවින්ම එය තම සවන් වැකුණේ තමා පෙර සැරිසැරූ සිහින් ලොවින්ද , එසේත් නොමැතිනම් දැන් සිටිනා පියවි ලොවින්ද යන්න ඔහුට නිනව්වක් නොවීය.





මතු සම්බන්ධයි...







මේ මැදියම් රෑ ගනදුරෙහි සැරිසරනා ඒ පුද්ගලයා කවුරුන්ද ?

කාන්තාවක්ද... එසේත් නැතිනම්....



සැබැවින්ම පා සළඹක හඬක් ඒ නිසල රැයෙහි නිහඬතාවය බින්දාද?

එසේනම්....





***



දැන් තමයි නියම කතාවට ආවෙ.

මෙච්චර දවස් මං කලේ වටේ ගියපු එක :) හී.....



ගෙස් කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා....

බලමුකෝ....

කතාවෙ ප්ලොට් එක මගෙ හිත ඇතුලෙ ඇඳිලා තිබ්බ විදිහ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළා අද..



කට්ටිය අලුත් විදියට කැමති වෙයි කියල හිතෙනවා :)

වෝට් අවැසි නැත. කමෙන්ට් පමණක් ඇති මා හට.


( ආයි කතාව දෙන දවසක් නම් හරියට ෂුවර් කරන්න බෑ :( )





- මීට ටෙස්ට් එකක් කැන්සල් වීමේ අහිංසක සතුට සමරන මම -

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now