~ 4 ~

289 72 40
                                    

මහීසේනාගේ වත කාල මේඝයකින් වැසීගියේ එක් නිමේශයකිනි.

තමාව කුඩාකල පටන් හදාවඩාගත් දයාබර දෙවැනි මවු පිළිබඳ ඒ වේදනාබර මතකය සැමවිටම ඇගේ හදවත වේදනාවෙන් මිරිකා දමන්නට සමත් විය.

එදා , පියාණන් භාරත දේශයට ගොස් සිටි සමයේ... එක් දිනෙක රාත්‍රියේ මාළිගාවට කඩාවැදුණු කොල්ලකරුවන් පිරිසක් තමාව පැහැරගැනීමට තැත් කරද්දී එතුමිය තමා වෙනුවෙන් අසිපත් පහරට මුහුණ දුන් අයුරු.... ඈ තම කුඩා දෑත් මතම අවසන් සුසුම හෙළුූ අයුරු...

මහීසේනාගේ නෙතු අගට කඳුලු බිඳු රැස්වූයේ නිතැතින්මය. ඇගේ දෑසට කඳුළක් ගෙන ඒමට සමත් වූ එකම දෙය ඒ වේදනාබර මතකයම පමණක් විය.

හැඬීම ඈට නොරිසි විය. එය කාන්තාවකට, වෙසෙසින්ම රජ කුමරියකට නොගැලපෙන්නක් ලෙස ඈ දුටුවාය. ඈ අවසන් වරට කඳුළු සැලුවේ තම සුළු මෑණියන් තම දෑත් මතම මෙලොව හැරගිය විටය. එදා ඒ මොහොතේ එතුමිය පැවසූ වදන්...

" ම... මගේ පුංචි මහීසේනා... නො.. නොහඬන්න.. අද පටන්...අද පටන්...කිසිදිනෙක එක් කඳුළු බින්දුවක්වත්... නොසලන්න... සෑම දෙයකටම ශක්තිමත්ව... මුහුණ දෙන බවට.... ම... මට ... පොරොන්දු වෙනවා නොවෙද.....ඔබ... ඔබ... කෙදිනක හෝ මා හටත්.... ඔබ වැදූ ඔබේ මෑණියන්ටත්.... අභිමානයක් වනවා නිසැකයි.....එනිසා...ඔව්...එනිසා හඬන්න එපා... මගේ දියණිය..... මා...මා ඔබට කියා දුන් සියලු දේ.... හොඳින්....සිහි තබාගන්න... ජීවිතයට...ශක්තිමත්ව....මුහුණ දෙන්න.... මගේ පුංචි හුරතලී.....ඔබ තනිවෙන්නෙ නැහැ මේ ලෝකයේ.....මමත්.... ඔබේ මෑණියනුත්...සැමදා....ඔබ....අසලින්ම.....සිටි.....සිටිනවා...."

එතුමියට වූ පොරොන්දුව සිහිවූ ඇය කඳුළු කොහිදෝ සඟවාගෙන මෙලොව තමාට ඉතිරිව ඇති වටිනාම පුද්ගලයා වූ පියාණන්ව ඇමතුවාය.

" නැහැ පියාණනි. ඒ කිසිවක් මට අමතක නැහැ. එය මගේ මතකයේ සැමදා තැන්පත්ව තිබෙනු ඇති. මීට සත්වසරකට පෙර සිදුවුවත් මාහට එය පෙරදින සිදුවූවක් වැනියි... මගේ දෙවැනි මවුයි ඈ.. එතුමිය මා වෙනුවෙන් අසිපතට බිලිවෙද්දී මට කිසිවක් කරගත නොහැකිවූවා...මා වෙනුවෙන් එතරම් දේ කළ ඈ වෙනුවෙන් මට එදා කිසිවක් කළ නොහැකි වූවා. සෙබළු පැමිණෙන විට සියල්ල සිදුවී අවසන්... අවම වශයෙන් එය සිදු කළ තැනැත්තන්ව අල්ලා ගැනීමටවත් ඔවුනට නොහැකි වූවා.

මහීසේනා [ Historical ]  [✓]Where stories live. Discover now