🔴PART - 04🔴

1K 146 11
                                    

අපි දෙන්නා ටික වෙලාවක් ඉදන් ඉන්නකොට කව්ද මංදා කෙල්ලෙක් ඇවිල්ලා අපි කට්ටියටම කතා කළා.
දැක්කමයි යකූ එකපාර දහ පහළොස් දෙනෙක්ව ඉන්ටවිව් කරනවා. කට්ටියම නැගිටලා යනකොට නිසුයි මායි හිමීට ලං වුණා. කිසිම විශේෂයක් පෙන්නන්නෙ නැතුව අපි දෙන්නත් ඇතුළට ගියා.

අපි ගිහින් ටික වෙලාවක් බලාගෙන හිටියා. එතකොට ගාඩ් ලා විස්සක් තිහක් එක්ක එතනට ආවෙ ලස්සන කොල්ලෙක්. එයා නම්.මාර හැන්ඩ්සම් ඈ...😎

එයා අපි එක එක්කෙනාව ඉන්ටවිව් කළා.අපිව ඉන්ටවිව් කරන්න ගියොත් අපි මාට්ටු වෙයි . අපි ළග ෆයිල් එකක් වත් නෑනෙ. කව්ද ජොබ් ඉන්ටවිව් එකකට ආවෙ. අපි ආවෙ මොකක් හරි තොරතුරක් හොයා ගන්නනෙ.

ඊළගට ඉන්ටවිව් කරන්න හිටියෙ නිසූ.ඒත් එක පාරටම ඒ ලස්සන කොල්ලට කෝල් එකක් ඇවිල්ලා මෑන් එතනින් යන්න ගියා . අම්මෝ ලස්සන උණාට නපුරු පාටයි . අපි කෝකටත් ෆොටෝ එකක් ගත්තා. නෑ නෑ ෆෝන් එකෙන් නෙවේ . අපේ ලෙන්සස් වලින් . අපි ඇහි පිල්ලමක් ගහන කොට ඒකේ කැමෙරා එකෙන් ගන්න ෆොටෝ එක අපේ ෆෝන්ස් වල ගැලරි එකට සේව් වෙනවා. කෝමද අපේ බඩු.... මාරයි නෙහ්. මේ ලෙන්සස් පාවිච්චි කරන්න තහනම්. අපි ඉතිම් ඔව්වා බලන්නෙ නෑ කියලා දන්නවනෙ.....😎😁

අපිට ඉන්ටවිව් එකට යන එක මග අරින්න පුළුවන් උණේ අර කෝල් කරපු මනුස්සයා නිසා. අපි කම්පැනි එකෙන් ආව ගමන් අර කොල්ලගෙ ෆොටෝ එක ලකීට යැව්වා . පොඩ්ඩක් හොයලා බලන්න කියලා.











After a 30 min.....

Nisu : අපි ආවා.....

සපත්තු ගලවන ගමන් නිසූ බෙරිහන් දුන්නා. අපි අපි යනකොටත් හිටපු තැන්වලම කට්ටිය ඉදගෙන වැඩ.

Anu : මොකෝ උණේ ...

අනූ එයාගෙ බෑග් එකත් බිමට විසිකරලා ගිහින් ලකී ළගින් ඉද ගත්තා.

Laki : අපිට හම්බුණා . ඒ නම්බර්ස් වල අයිතිකාරයො....

Eha : අපි හිතන විදිහ හරිනම්...

Anu : හෝව් හොව්ව්....

All : මොකද......???🤨

Anu : එහා...... අපි දෙන්නා වොශ් එකක් දාගෙන එන්නම්. ඊට පස්සෙ ඔයාගෙ ප්ලෑන් එක කියන්න. මොකද දැන් කිව්වොත් මට මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ... ඔක්කොටම හපන් මේ ගව්ම් කෑල්ල ඇගෙන් අයින් කරනකන් මට සිහිය නැතුව හිටියෙ...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now