🔴PART - 08🔴

790 139 15
                                    

අනූ ඊයෙ ඔප්පා එක්ක රණ්ඩු උන වෙලේ ඉදන් හරි කතා බහක් නෑ. තරහ ගිහින් ඉන්න නිසා අනිත් අයත් වැඩි දේවල් නොකර අනූගෙ වචනෙ ඇහුවෙ එයාට තරහ ගිහින් ඉද්දි එයාගෙ හැටි දන්න නිසා...

Anu : කාලෙ කන්න බෑ ළමයි. ඔයාලා දැන් මෙතන මට ඔයාලගෙ ෆයිටින් ඇන්ඩ් ශූටින් දෙකම සුපර්බ් කියලා මට ඔප්පු කරලා පෙන්නන්න ඕන. වරදින ගානට මේ කසෙන් එකක් හම්බෙයි. බැරි අය දැන්ම යනවලා.

Nisu : අනූ අපේ උන්ට වද දෙන්න එපා. මොකද උන් දුර්වල උණොත් ඉවරයි.

Anu : ✋✋✋

Eha : නිසූ.... එපා

එහෙම කියලා අනූගෙ විදානයෙන් පස්සෙ කට්ටිය වැඩේ පටන් ගත්තා. හැමෝම වගේ මුළදි ගුටි කෑවත් අන්තිමට කට්ටිය තමංගෙ උපරිමය කළා.

Anu : දැන් වෙලාව දහයයි. හෙට 4 වෙද්දි මෙතන ඉන්න ඕන. තප්පරයක් හරි පරක්කු උණොත් මේකෙන් සීයයි. හරිනෙහ්....

එහෙම කියලා අනූ කසෙත් විසි කරලා යන්න ගියා .

Eha : මේකිට මොනා වෙලාද මංදා....

Laki : යුන්ගි ඔප්පත් තරහින්. මේකි එයාට දෙවෙනි නෑනෙ.

Nisu : අද මොනා වෙයිද දන්නෙ නෑ . මෙලහකටත් ඇර ගන්නවද දන්නෙ නෑ.. යමන්.

Eha : හරි යමු. තේවොන් මෙතන වැඩ ටික බලාගන්න . අපි යනවා.

Thewon : හරි... මං බලා ගන්නම් මෑම්.

එහෙම කියලා කෙල්ලො තුන්දෙනත් ඉක්මනින් ඩ්‍රොම් එකට ගියා.

Nisu : සමහර විට ඔප්පලා නිදි ඇති නේද..?

Eha : ඔව් ඇහැරලා හිටියනම් දැන් යුද්ධෙ පටන් අරන් මෙලහකටත්...

Laki : අප්පෝයි ඔව්. යමන් මහන්සි අද...

එහෙම කියලා කෙල්ලො තුන්දෙනත් එයාලගෙ රූම්ස් වලට ගියා. පහුවෙනිදාත් උදෙන්ම වැඩ පටන් ගත්තා.

ඒත් උදේ 9 ට විතර නිසූට හෝල් එකේදි හදිස්සි කෝල් එකක් ආවා . එයාගෙ ඔප්පා නම්ජූන් ගෙන්.

Nisu : ඔප්පා.... ඇයි???

Joon : ඉක්මනින් ඩ්‍රොම් එකට ගිහින් ඔය මාෆියා කිට් එක ගලවලා නිකන් ඇදුමක් දා ගන්නවා. හතර දෙනාම.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now