🔴PART - 13🔴

686 132 16
                                    

එයාලා කෙල්ලො හතර දෙනාව ගෙනාවෙ එයාලා මාෆියා වැඩ කරන ඩ්‍රොම් එකට . එයාලව එක්කගෙන ගිහින් එයාලගෙ රූම්ස් වලින් තිබ්බා . එයාලගෙ ඔෆිස් එක ලොක් කරලා දැම්මෙ කෙල්ලො හතර දෙනා ඒ වැඩ ගැන දැන ගන්න ඕන නැති නිසා. ඒත් ඒ වෙනකොටත් හතර දෙනාගෙන් එක්කෙනෙක්ට වත් සිහිය තිබ්බෙ නැ. සිහිය තියෙයිද අර වගේ පවර් ෆුල් ඩ්‍රග් එකක් එයාලගෙ ඇගට වැක්සින් කළහම.
මොනා වුණත් ජිමින් ඇඩුවා කියන එක අනිත් තුන් දෙනාටම විශ්වාස කරන්න බැරුව හිටියෙ . සාමාන්‍යයෙන් ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් ළගවත් පොඩි හරි මනුස්ස කමක් ගෑවිලාවත් නෑ. ඒත් ජිමින් ඇත්තටම ඒහාට ආදරේ ඇති. ඒකනෙ එයා ඇඩුවෙ.

Jimin : අනේ මංදා බං . අපිට බෙහෙත් කරන්නත් බෑ මේ ඩ්‍රග්ස් වල පවර් එක යනකන්. මොකද කරන්නෙ...

Jin : බය වෙන්න එපා . හෙට වෙද්දි ඔය ඩ්‍රග්ස් වල බලේ අඩු වෙලා යයි.

ජින් එහෙම කිව්වෙ ලකීව එයාගෙ රූම් එකෙන් තියලා එළියට එන ගමන්.

Jimin : මං ඒහා ළගට යනවා ජින්...

Jin : ඔව් මාත් දැන් ලකී ළගට යන්න ඕන. මොනාහරිඕන උනොත් වත්....

Tae : හරි හ්‍යුන්ග් ....

ටේ එහෙම කියලා සෝෆා එකට හේත්තු වෙලා ඇස් දෙක වහ ගත්තා.

Tae's pov 🤨

අපි අද ක්ලබ් එකට ගියේ ටික කාලෙකින් . කාලෙකින් කිව්වට අපි නොයා හිටියෙ දවස් හතරක් විතර. අපි කොහොමත් සතියට දවස් හතරක් පහක්ම ක්ලබ් එකට ගිහින් එන්ජෝයි කරල එනවා. ඒත් අපිට මේ ටිකේ වැඩ වැඩි නිසා ඒ පැත්තෙ යැව්නෙ නෑ. අද වෙලා තිබ්බ නිසයි ළගදි ගියෙත් නැති නිසයි හතර දෙනාම ක්ලබ් එකට ගියා. අපි එතනින් එළියට එනකොට 11 ට විතර ඇති. ඒ වෙලාවට සෝල් වල ට්‍රැෆික් වැඩි නිසා අපි ආවෙ ටිකක් පාළු මිනිස්සු නැති පාරකින්. ඒත් අපි දැක්ක දේ නිසා ජින් අතින් වාහනේ බ්‍රේක් එක පෑගුනේ හිතන්නවත් වෙලා නොදී.

Jin : ඒයි... ගයිස් අර.... අර ඉන්නෙ එදා අපි ගියපු ගෙදර හිටපු කෙල්ලො ටික නේද..... මට ශුවර් නම් නෑ ඒත් අරයා ලකී වගේ නිසයි ඇහුවෙ....

Jk : ඔහ්.. ඔව්...එයාලා තමා. අර නිසුත් ඉන්නෙ. ඇයි එයාලාට හිටගෙනවත් ඉන්න පණ නැත්තෙ.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now