🔴PART - 26 🔴

668 110 12
                                    

Sooya's pov 😊

මම සූහොත් එක්ක ඊයෙ හැම තැනම ඇවිද්දා . අන්තිමට අපි සෝල් මාකට් එකේ රව්මක් ගහලා ටව්න් එක පැත්තට ආවේ ඩිනර් එක ගන්න . මං සූහො එක්ක විකාර කර කර ටව්න් එක පැත්තට ඇවිදගෙන එද්දි හිම පියලි එක එක වැටෙන්න ගත්තා . ඇත්තටම මට එවෙලෙ කෑ ගැහුණා . මොකද මේ තමා මං හිම දැකපු පළවෙනි පාර . ඒක ගොඩක් ලස්සනයි කියලා මට සූහො කියලා තියෙනවා . ඇත්තටම එයා කිව්වටත් වඩා ඒක ලස්සනයි. මං වැටෙන හිම එක එක අල්ල අල්ල දුව දුව ම ටව්න එක පැත්තට ආවා . මට සූහොවත් ඒ වෙලාවෙ අමතක උඅණා ඇත්තටම . මොකක්ද මංදා හරි ලස්සන දෙයක් මගේ හිතේ තිබ්බා . සෙනග අස්සෙ විකාර කර කර යද්දි එක පාරටම මාව කව්ද මංදා කොල්ලෙක්ගෙ ඇගේ හැප්පුණා . එයාගෙ කෑම එකත් මං නිසා බිම වැටුණා .මං එහෙම්මම ඔළුව බිමට හරවගෙන හිටියෙ එයා දැන් එයා මට බනී කියලා දන්න නිසා . ඒත් ඒ මනුස්සයා ඔළුවවත් ඉස්සුවේ නෑ . එයා මාව ගනන් ගන්නෙවත් නැතුව මාව පහුකරන් එතනින් ගියා . වැරැද්දක් කරලා ගෙම්බස්සා වගේ ලොකුකමෙන් ඉන්න හොද නැති නිසා මම එයාට ටිකක් සද්දෙන් කෑ ගහලා සමාව ඉල්ලුවේ එයා මීටර් තුන හතරක් ඈතින් හිටපු නිසා...

"ඒ හලෝ... සොරි හොදේ..... මේ..."

Sh : ඒයි... සූයා...

මං කියන්න යද්දිම සූහො ඇවිල්ලා මගෙ අතිනුත් ඇදගෙන එතනින් ආවා....

"ඒයි... කොහෙද මෝඩයෝ මාව ඇදගෙන යන්නෙ..."

Sh : මං බය උණා... කොහෙ අතුරුදන් වෙනවද මංදා....

"හරි අනේ... දැන් කොහෙද මේ මාව ඇදගෙන යන්නෙ... "

සූහො තරහෙන් කියවනවා දැක්කහම මට හිනත් ගියා . හිනා වෙලා එයාගෙ තරහා අව්ස්සන්න ඕනෙ නැති නිසා මං ශේප් එකේ හිටියා ඉතිම්...

Sh : ආපහු නම් ඔහොම කරලා මාව බය කරන්න එපා සූයා... ඔයා දන්නවද මං බය උණ තරම...

එහෙම කියලා සූහො මාව බදා ගත්තා. මාත් හා කිගන්න ඔළුව වනලා ආපහු එයාගෙ අතකින් අල්ල ගත්තෙ ගෙදර යන්න. මගේ ගෙදරින් මාව ඩ්‍රොප් කරලා එයා එයාගෙ ඩ්‍රොම් එකට ගියා. මං යද්දි ඔම්මා බලාගෙන ඉන්නවා දැකලා මට දුකත් හිතුණා .

Omma : මං මේ මගෙ පැටියා එනකන් හිටියෙ ... ඔයා කාලා නේද ආවෙ...

"ඔව් ඔම්මා... මං නිදා ගන්න යන්නම්. මහන්සී . ඔම්මත් නිදා ගන්න ."

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now