🔴PART - 16🔴

678 133 14
                                    

Eha : ඔව් අනූ අපිට ඔප්පලව මේක මැද්දට ගන්න බෑ.

Laki : ඔව්.. දැන් ඇති එයාලට වද දුන්නා.

Eha : අනේ මට මේක දරා ගන්න බෑහ්...

එහා එහෙම කිව්වෙ එයාගෙන් ඇස් වලින් කදුළු බේරෙන්න පටන් ගන්නවත් එක්කමයි.

Anu : අඩන්න එපා එහා... කෝ එන්න මං ළගට...

අනූ එහෙම කියනවත් එක්කම එයා ගිහින් එහාව බදා ගත්තා . අනිත් කෙල්ලො දෙන්නත් ඇවිල්ලා අනූව බදා ගත්තෙ එයාලගෙ ඇස් වල කදුළු පුරවගෙන . අනූගෙ ඇස් වලත් කදුළු . විනාඩි ගානකට පස්සෙ එයා එහාව ඈත් කරලා ,

Anu : ඔයාලා මේකට ඇත්තටම කැමතී නේද...?

Eha : ඔව් අනූ අපි කැමතී . ඔප්පලා අපි නිසා මැරුම් කන්න ඕන නෑ. අපි යමු...

එහා කදුළු පිහදාලා හොද ධෛර්යක් අරගෙන එහෙම කිව්වහම කට්ටියම ඒකට එකග උණා.

Laki : මං තැනක් බලන්නම්... අපි පොඩි තැනක් බල්මු නේද...

Nisu : අපි පොඩ්ඩක් පහු බහින්න ඕන ළමයි.... ඒත් ඔප්පලා අපිව නොහොයා ඉදී කියලද හිතන්නෙ....

Anu : අපි එයාලා වෙනුවෙන් යනවා කිව්වොත් එයාලා අනිවාර්යයෙන් අපිව හොයාගෙන එනවා. ඒ නිසා අපි එයාලට නොකියා යන්න ඕන .

Eha : එයාලට ලෙටර් එකක් තියල යමු...

Nisu : ඔව් .... වෙන කරන්න දෙයක් නෑ... පොඩි තැනක් බලපන්...

Eha : ඉන්න එදා මට තනූ කිව්වා එයාලගෙ ආන්ටිගෙ ගේ සේල් කරනවා කියලා . අපි ඒක ගමු.... රෙන්ට් ගෙව ගෙව ඉන්න ඕන ඕන නෑනෙ එතකොට .

Anu : තැන හොදද ඒහා...

Eha : ඔව්... ඒක මරු ප්ලේස් එක. මං දැන්ම කෝල් එකක් දාලා බලන්නද...

Nisu : හරි... ඔව් දාපන් බලන්න..

එහා එහෙම කිව්වහම ටිකක් එහාට ගිහින් තනූට කෝල් එකක් ගත්තා . විනාඩි දහයකින් විතර එයා ආපහු ඇද ළගට ආවා .

Eha : ඒක ගන්න පුළුවන් ... අපි දැන් ගිහින් බලලා එමුද... තාම 7.47 යි නෙ . ගොඩක් රෑ වෙලා නෑ...

Anu : හරි යමු... ඔව් තාම රෑ වෙලා නෑ...

Nisu : අපිට ඒක දැන්ම සල්ලි දීලා අර ගන්න බැරි වෙයිද...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now