🔴PART - 29🔴

1.6K 128 30
                                    

පසුවදා-----------------------

Nisu : ඔප්පා ... මං අද ඉන්නම්ද... අනික අජුම්මත් ඉන්නවනෙ... බය වෙන්න දෙයක් නෑ...

Joon : හරි... අසනීප නිසා අද එන්න ඕන නෑ. මොනා හරි උනොත් අපි හතර දෙනාගෙන් එක්කෙනෙක් ට කතා කරන්න ඉක්මනින්.

Niau : හරි ඔප්පා...

මම බ්‍රෙක්ෆස්ට් ගන්න අතර තුර හිමින් සැරේ අදත් ගෙදර නවතින්න ගැටේ ගහ ගත්තා. හී...😁

Laki : ඔප්පා... අපිත් ඔන්න ඔහේ ඉන්නම්ද ඈ...

Minhoo : ඇයි දැන් ඔයාටත් අසනීපද ආ...

Eha : නෑ ඔප්පා. මේ නිසුත් තනියෙන් නිසයි මං කිව්වෙ..

Hobi : ඇයි අජුම්මා ඉන්නෙ...

Laki : ආහ්.. මේකනෙ ඔප්පා අද මගෙ ඔළුව ටිකක් රිදෙනවා අනේ ඒකයි...

Eha : ඔව් මටත් කලන්තෙට වගේ... ඔන්න ඔහෙ අපි දෙන්නත් අද ඉමු නේද? අදට විතරනෙ.....

Minhoo : අනේ මේ විකාර නැතුව ලෑස්ති වෙනවා. එකෙක්ට කලන්තෙලු අනිකට ඔලුව රිදෙනවලු ...😂😂😂

Hobi : තමුසෙලා ඔෆිස් යන්න ඔච්චර අකමැතිද ආ... පිස්සු නැතුව එනවා යන්න.

ඒහායි ලකියී මොන ගැටේ ගහලා ගෙදර නවතින්න හැදුවත් ඔප්පලා ඒකට කැමති උණේ නෑ. බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඉවර වෙලා එයාලා ඔෆිස් එකට පිටත් උණා.

මමයි අජුම්මයි විතරයි දැන් ගෙදර . ඒ නිසා මමත් අජුම්මා ඉන්න පැත්තට ගියේ මට කම්මැලි නිසා.

👵 : ආහ්... දූ...

Nisu : කම්මැලී අජුම්මා . ඒකයි මේ පැත්තට ආවෙ...

👵 : දූට මං මොනාහරි බොන්න හදලා දෙන්නද...?

Nisu : හරි අජුම්මා. මට එහෙනම් හොද කෝපි එකක් හදලා රූම් එකට ගෙනත් දෙනවද ...

👵 : හරි දූ... දූ යන්න මං ගේන්නම්...

Nisu : හරි අජුම්මා...

මං ෆෝන් එකත් අරගෙන පඩිපෙළ නගින්න යනකොටම දොරේ බෙල් එක වැදුණ නිසා මං ආපහු හැරිලා ආවෙ දොර අරින්න හිතාගෙන. මං දොර ඇරලා බලද්දි එතන හිටියෙ ටේහ්‍යුන් .

Nisu : ආහ්... ටේහ්‍යුන්. ඊයෙ මාව බලන්න ඇවිල්ලා කලින්ම ගියා නේහ් . එන්න එන්න.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now